Ads Top

ඔබ හා ඔබේ සහකාරිය විසින් ඔබේ බැදීම් ගැන සිතිය යුතුම දේවල් 7ක්.





ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් පරිවර්තනයක් 






ජිවිතයේ සාර්ථකත්වයට හා සතුටට සම්භන්ධතා ඉතාම වැදගත් සාධකයකි. ඒ අතරින් ආදර සම්බන්ධතා ප්‍රමුඛස්ථානයක් ගනී. ඕනෑම දෙයක හොද හා නරක තිබේ. ආදර සම්බන්ධතාද එසේමය. ආදර බැදීමක් තුල ඇති නර දේවල් කිහිපයක් පහත දැක්වේ.

වරදවා වටහා ගැනීම් 
අවිශ්වාසය
ඉරිසියාව
අවසානයේ අඩදබර

දෙදෙනා තුලම හොද හදවතක් සහිතව හා ඔවුන් තුල හොද විශ්වාසයක් , හොද බැදීමක් ඇත්නම් ඒ දෙදෙනාගේ ජිවිත දිගුකල් පවතී. බැදීම සදාකාලික වේ. අද හදුන්වා යුවලක්  ලෙසින් ඔබ තීරණ ගැනීමේදී සිතිය යුතු වැදගත් සාධක කිහිපයක් ගැනයි. 




01. අදහස් හුවමාරු කරගැනීම පැහැදලි විය යුතුය.


ගොඩක් වෙලාවට අර්ථ රහිත ප්‍රකාශ කරනවා සමහර අය. නමුත් අමතක කරන්න එපා යම් දෙයක් ගැන කතා කරනවා නම් ඔබේ මනස නිරවුල්ව පැවතිය යුතු බව. දෙදෙනා අතර කිසිවිටකත් රහස් පවතින එක බැදීම් වලට බලපානවා. අපි හිතන් නැ අපේ මනසේ තියෙන දේ, හිතන දේ අපේ සහකරයට හෝ සහකාරියට තේරෙනවා කියලා. අවාසනාවකට ඔවුන්ට බැ අපේ මනස කියවන්න. එම නිසා අපිට අනිවාර්යෙන් එක ඔවුට කියන්න වෙනවා. නැතනම් ඒ ගැන අනුමානයක් හෝ දෙන්න වෙනවා.  එම නිසා ඔබට පුළුවන් වෙනවා අනවශ්‍ය ප්‍රශ්න වලින් ඔබේ සම්බන්ධතාව රැකගෙන රිනාත්මක බලපෑම් වලින් මිදෙන්න.

02. එකිනෙකට සමාව දෙන්නත් ඉගෙන ගන්න.


ඔබේ අනාගත අභිලාශය ඔබේ ආදරණියත් සමග ජිවත් වන්න නම් අනිවාර්යෙන් ඔබට සමාව දෙන්න පුළුවන් වෙන්න ඕනි අනෙකට. නැත්නම් ඔබේ සතුට වැඩි කල් පවතින් නැ. අපි කව්රුත් සර්ව සම්පුර්ණ නැ. හැමෝම ඇති වැරදි වෙනවා. නිසකෙන්ම ඒවා අමතක කර ඔහුගේ හෝ ඇයගේ වැරදි වලට සමාව දීලා දෙන්න ඕනි. උත්සහා කරන්න අයගේ හොඅ ඔහුගේ වැරදි හැසිරීම ගැන අවබෝධ කර සමාව ලබා දෙන්නට. සමාව දෙන්න ඔබට පුළුවනි නම් අනිවාර්යෙන් ඔබේ පවුල් දිවිය වඩාත් සතුටින් ඉන්න පුළුවන් විශ්වශයෙන්ම.

03. ඔහුගේ හෝ අයගේ අමාරු කාලවලදී උදවු වෙන්න.


කව්රුත් දන්නවා අපිට හැමදාම සතුටිනි ඉන්න බැ කියලා. වැඩ කරන තැන, පාරේ ඒවා ඕනෑම තැනකදී අපිට ගැටළු එන්න පුළුවන්. තමාගේ සහකාරය හෝ සහකාරිය එලෙසට පත් උවහොත් ඔබ කල යුතු වන්නේ ඔහු හෝ අය ලගින්ම සිට ඒ අයගේ ධෛර්ය වර්ධනය කර ශක්තිමත් කිරීමයි. ඔවුන්ගේ මානසික අවපාත වීම් අඩු කිරීමට සහකාරය වශයෙන් ඔබට හැකියාවක් තියෙනවා. ඔවුන් වැටිලා ඉද්දි කවදාවත් ඔවුන්ව මග හරින්න එපා. ඔබේ සහකරුගේ හැගීම් මගින් ඔබට ඔහුගේ මානසික වටින් හදුනාගන්න පුළුවන්.ඔබට දැනෙනවා නම් ඔබේ සහකරු කෝපයෙන් ඉන්නවා නම් ඔබ කල යුත්තේ මද වෙලාවක් ඔහුට හෝ ඇයට තනිව ඉන්න දෙන එකයි.



04. ඔබේ සහකරයට හෝ සහකාරියට කාරුණික වන්න.


කරුණාවන්ත කම ඕනෑම කෙනෙක් ඉහලින් අගයන ගුණයක්. කරුණාවන්ත කෙනෙක් බොහෝ වෙලාවට දැකුම්කලු හා ප්‍රියංකර චරිතයක් වෙනවා අනිත් අයට.  එම නිසා ඔහුට හෝ අයට හොදින් තේරුම් ගන්නත් , එකමුතු වන්නත් අනිත් අය මැලි වෙන්නේ නැ. වර්තමානයේ අපේ ජිවිත ගොඩක් කාර්යබහුලයි එම නිසාමදෝ මන්දා කරුණාවන්ත කම අපේ ටිකෙන් ටික අත්වෙනවා. මගේ අදහස වන්නේ අපි වර්ධනය කල යුතු වැදගත්ම ගුණාංගයක් තමා කරුණාවන්තකම අපේ බැදීම් වලට. පසු වෙන්න එපා දැන්ම ආරම්භ කරන්න ඒ උතුම් ගුණාංගය.

05. අගයන්න ඔහුගේ හෝ ඇයගේ වටිනාකම් හා කැපවීම්.


ඔබට පුළුවන් වචන විශාල ගණනකින් ඔබේ ආදරය හදුන්වා දෙන්න. ඔබ කියන සැම වචනයක්ම අවංක හදවතින් කිව යුතුමය. ඕනෑම යුවලකට තමන්ගේ බැදීම් වල වටිනම් කම් කැපවීම් ගොඩක් වැදගත් වෙනවා. එවැනි දේවල් එම යුවලගේ දීර්ග ජීවිතයකට යතුරක් වැනි අංගයක් වෙන්ව.

06. සිනහව උපකාරී වෙනවා දෙදෙනා එක්ව දිගු කල් සිටීමට.


ඕනෑම කෙනෙක් දන්නවා සිනහව කියන්නේ විශාල අර්ථයක් සහිත දෙයක් කියල. අනික එය අපේ සෞඛ්‍යට හා අපේ සිතටද වැදගත් වෙනවා. සිනහව අපේ බැදීම් ශක්තිමත් කිරීමට ගොඩක් උපකාරී වෙනවා. නමුත් කාලයත් සමග අපි සිනහව පිළිබද හිතනවා අඩුයි කියලා හිතවා ඇති ඔබ. නමුත් සිනහව ඇති තැන සුන්දරයි කියා ඔබ දන්නවද.එහෙන්ම ජීවිතය සැහැල්ලුවෙන් හා අවිනිශ්චිත භාවයකින් තොරව සිටින්න පුළුවන්.

07. කිසි විටක අනෙකා හා අඩදබර ඇති කර නොගන්න.


අඩදබර හා එකග නොවීම් කියන්නේ අපේ ජිවිත වල එක් දුර්වල කොටසක්. ඒවා අපේ සෞඛ්‍යට පවා බලපෑම් ඇති කරනවා, ඔබේ සහකාරය හා සහකාරිය සමග සැම විටම නිරවුල් මනසකින් කතා කර දෙදෙනාටම පොදු හොද තීරණයක් කරා එන්න. එම නිසා කිසි විටකත් ඔබ හා ඇය තුල අඩදබර හා වැරදි මත බිහි නොවේවි.  දෙන්නට දෙන්නව හොදින් තෙරුන් ගන්නටත් පුළුවන් වේවි. කිසිවිටකත් පෞද්ගලික ජිවිතය ට ඔබේ ව්‍යාපාරික ජීවිතය හවුල් කරගන්න එපා. ඔබ හා ඇයට ගොඩක් සතුටින් ඉන්න පුළුවන් වේවි මේ හැම දෙයක් ගැනම හිතුවොතින්.

ලිපිය උපුටා ගත්තේ - 7 Important Things You and Your Partner Should Know about Relationship

PDF ලෙස Download කර කියවන්න.

අද මේ ලිපියෙන් මම කිවේ අලුත් දේවල් නෙවේ. ඔයාල දන්නා නමුත් කාලයත් සමග අපේ කාර්යබහුලත්වය නිසා අපෙන් ගිලිහි යන දේවල් ටිකක්. ඔයාල හැමෝම තුල මේ සියල්ලම තියෙනවා. දැන් ඔබ තුල ඒවා ගිලිහි ඇත්නම් අද සිට ආරම්භ කරන්න නවමු අරබුමක් මෙම දේවල් හිතට අරගෙන. එහෙනම් මම ගිය මේ මගේ තුන්වන පරිවර්තනය කිරීමයි. 

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.