Ads Top

උතුරු පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10



ආයුබෝවන් යාලුවනේ. මෙන්න මගේ රට ගැන මම ලියන හත්වන ලිපිය. එහෙනම් කියවලා බලමු. 





අද අපි කතා කරන්න තවත් සුන්දර පළාත වන "උතුරු පළාත" ගැනයි. ඔයාලා පුළුවන් මගේ පහුගිය ලිපි ටික කියවන්න. පහල ලින්ක් ටික දාන්නම්..
  1. ඌව පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10
  2. දකුණ පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10
  3. සබරගමු පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 1
  4. බස්නාහිර පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10
  5. මධ්‍යම පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10
  6. නැගෙනහිර පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10
  7. උතුරු පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10
  8. උතුරු මැද පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10
  9. වයඹ පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10
උතුරු පළාත ගැන කෙටියෙන්
                                           උතුරු පළාත දිස්ත්‍රික්ක පහකින් සමන්විත ආකර්ශනීය ස්ථාන රැසකින් සමන්විත පළාතකි. යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්ය හා වව්නියාව එහි දිස්ත්‍රික්ක වන අතර ප්‍රධාන දිස්ත්‍රික්කය වන්නේ යාපනය. මෙම පළාතේ විශාලත්වය වර්ග කිලෝමීටර 8,884 කි.

විවිධ දේවල් වලට උත්තුරු පළාත ජනප්‍රිය අතර ඔබ උතුරු පළාතේ සංචාරය කිරීමට කැමති අයෙක් නම් අමතක කරන්න එපා "යාල්දේවි" දුම්රිය ගමන ඔබට විශේෂ අත්දැකීමක් ලබා දෙන චාරිකාවක් වන බව.

01. නල්ලුර් කෝවිල

මුරුගන් දෙවියන් වෙනුවෙන් පුජා කර ඇති නල්ලුර් කන්දස්වාමි කෝවිල ශ්‍රී ලාංකීය මෙන්ම ලෝ වාසි සියලුම හින්දු හා අනෙකුත් බැතිමතුන් අතර ප්‍රචලිත ස්ථානයකි. මෙහි ඉහිහසය ගැන දැනගැනීමට මෙතැන ඔබන්න. Click Here 

02. මරද මඩු දේවස්ථානය

කතෝලික බැතිමතුන්ගේ පුජබිමක් වුවත් අනෙකුත් සියලුම අයද මරද මඩු මෑණියන්ගේ ආශීර්වාදය සොයා පිය මනින පුජනිය ස්ථානයකි. මෙහි ආරම්බය ක්‍රි.ව. 1583 දක්වා දිවයන අතර කැලෑවක් මැද නිම වූ පුජනිය බිමකි. මෙහි වැඩි විස්තර සදහා පිවිසෙන්න 

03. නාගදීපය

නාගදීප පුරාන විහාරය බෞද්ධ ආගමික ස්ථානයක් වුවත් අනෙකුත් ආගම් වල අයද මෙය වැදපුදා ගැනීම සදහා යති. මෙය අප රටේ සොළොස්මස්ථාන අතරින් එකකි. මෙය වදපුදාගනිමට යා හැකි වන්නේ බෝට්ටුවකින් නයිනතිව් දුපතට ගිය විටය.

04. ඩෙල්ෆ් දිවයින

සොබාව සෞන්ධර්යෙන් පිරි ශ්‍රී ලංකාවට අයිති ලස්සනම දිවයිනක් කිවොහ් මා නිවැරදි වේ. ඉතාම පැරණි ඉතිහාසයක් තියෙන මෙම දුපත චෝල, පෘතුග්‍රීසි, ලන්දේසි  හා ඉංග්‍රීසින් විසින් පාලනය කරන ලදී. එහි නටබුන් රැසක්ද ඔබට නැරබිය හැකිය. 

05. පේදුරු තුඩුව

පේදුරුතුඩුව කියලා දැක්ක ගමන් කැටිය දන්නවා මොකක්ද මේ කියලා. ලංකාවේ ඉහල ප්‍රදේශයෙන් අවසන් භුමිය. කවුරුත් කැමතිනේ දෙවුන්දර තුඩුවේ හා පේදුරු තුඩුවේ ඉදන් සෙල්ෆි එකක් ගහන්න. යාපනේ යනවා නම් ඔයාලා මෙතනට අනිවාර්යෙන්ම යන්න.

06. යාපනේ බලකොටුව

වර්ෂ 1618 දී පෘතුගීසින් විසින් යාපනය අල්ලා ගැනීමෙන් පසුව සිය හමුදා රැඳවීම සඳහා පෘතුගීසි ජාතික පිලිප් ද ඔලිවේරා යටතේ මෙම යාපනය කොටුව ඉදිකර ඇත. මේ රුපය දිහා හොදින් බලන්න. පොළොවේ ඉදන් චයාරුප ගත කරන රූපයට වැඩ ඉහල අහසේ ඉදන් ගන්නා චායාරුපයේ අලංකාරය. මෙයැහැ ඔබ නැරබිය යුතුම ස්ථානයකි. 

07. යාපනේ පුස්තකාලය

ශ්‍රී ලංකාව සතු ජාතික සම්පහක් වන මෙය බ්‍රිතාන්‍ය පාලනය යටතේ 1933 දී ඉදිකොට නිම කරන ලද්දකි. 1980 දශකය මුල් කාලයේදී 97,000 කට අධික ග්‍රන්ථ සහ අත්පිටපත් ප්‍රමාණයක් තුබූ ආසියාවේ විශාලම පුස්තකාල වලින් එකක් යැයි සඳහන් වෙයි.කෙසේ නමුත් එම කාලය තුල ශ්‍රී ලංකාවේ ඇතිවූ නොසන්සුන් සිදුවීම් වල ප්‍රතිපලයක් ලෙස, අන්තවාදීන් පිරිසක් විසින් 1981 වසරේදී යාපනය පුස්තකාලයට ගිනි දැල්වූ අතර, එමගින් පුස්තකාලය සතුව තිබූ වටිනා ග්‍රන්ථ රාශියක් විනාශ වී ගිය බව සඳහන් වෙයි. විනාශ වී ගිය පුස්තකාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2001 වසරේදී සම්පූර්ණ කෙරිණි.

08. කිරිමලේ පොකුණ

කීරිමලෙයි යනු ශ්‍රී ලංකාවේ යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි. මෙම නගරාසන්නයේ නාගුලේශ්වරම් කෝවිල පිහිටා ඇති අතර එහි රෝග නිවාරණ ගුණාංග සඳහා කිරිමලේ ස්ප්‍රින්ග්ස් නම් ඛනිජ ජල උල්පතද පිහිටා ඇත. කීරිමලෙයි පිහිටා ඇත්තේ යාපනයට කි.මී. 25 ක් උතුරින් ය.

09. යාපනේ මිදී වගාවන්.

යාපනේ සංචාරය කරන්න යන ඔබ යාපනේ මිදී ගෙඩියක රස නොබලුවොත් එය ලොකුම අඩුපාඩුවක් වෙනවා නියතයි. අපේ රටේ වැවෙන මේ මිදී වල රස ඔබ අනිවාර්යෙන්ම විදින්න ඕනෙමයි. අවස්තාවක් ලැබුනොත් මිදී වගාවන් තිබෙන ස්ථානද නැරබීමට අමතක නොකරන්න. 

10. Casuarina Beach

යාපනේ අර්ධද්වීපයේ තියෙන හොදම හා සුන්දරතම වෙරල තිරය මෙය කිවොත් මා වැරදි නැ කියලා හිතනවා. සුදු වැල්ලෙන් සමන්විත Casuarina ගස් වලින් පිරි මුහුදු වෙරල තිරයක් මෙයට ඇත. Casuarina වෙරළ යන්නෙන් නාමය ලැබී ඇත්තේ Casuarina ගස් නිසා බව සදහන් වේ. යාපනේ සිට කිලෝමීටර 20ක් පමණ දුරින් මෙය පිහිටා ඇත. මෙය පිහිටා ඇත්තේ කරෙයිනගර් ආසන්නයේය.

සොබාව සෞන්ධර්යෙන් පිරි මේ දිවයින ආරක්ෂා කිරීම ඔබගේ වගකීම බැවින් ඔබ සංචාරය කරන්නේ කොහෙද එම ස්ථාන පිරිසිදුව තබන්නට කටයුතු කරන මෙන් මා ඉල්ලා සිටිමි. නැවතත් අලුත් ලිපියකින් මුණ ගැසෙමු. 

1 comment:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.