Ads Top

නැතිවුන/නැතිවෙන්න කලින් දුරකථනය Track කරමු (Android/Apple/Windows)



ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් වැදගත් ලිපියක්.. ස්මාර්ට් දුරකථන භාවිතා කරන ඔබ වෙනුවෙන්මයි..




දුරකතනයක් Track කරන්න පුළුවන් ලේසි විදිහක්.. ඒ කියන්නේ ඒ දුරකථනය දැන් තියෙන්නේ කොහෙද කියල හොයාගන්න එකයි.. මේ ක්‍රමයන් Android, Apple හා Windows යන දුරකථන සදහා ඇත. Android ක්‍රමය නම් මන් සාර්ථකව අත්හදා බැලුවා.. 100% Worked... 

උදාහරණයක් විදිහට ඔයාගේ දුරකථනය නැති වෙනවා. සාමාන්යෙන් ඔය මොකද කරන්නේ. හොද හා වටිනා විස්තර එකක් නම් පොලිසියට යනවා.. එහෙමත් නැත්නම් අත ඇරලා දාලා ඉන්නවා.. එත් මේ ක්‍රමය දැනගෙන උනොත් පහසුවක් වෙයි.. මෙන්න මෙහෙමයි කරන්න..

Android සදහා :- 

01. මුලින්ම මෙන්න මේ App එක ඔයාගේ දුරකථන දෙකෙහිම තිබිය යුතුය. (මේ දුරකථන දෙකෙහිම email එකේ Password and Username ඔය දැනගෙන ඉන්න ඕනේ.)

Download And Install Android Devices Manager 

02. ඊට පස්සේ ඔයාගේ ඒ නැති වුන දුරකතනයේ Email එක හා ඒ දුරකතනයේ නම තේරීමක් කල යුතුය. මේ වගේ. දැන් ඔයාට ඕනේ නම් තියෙන තැන එයම හොයල පෙන්නාවි. ඒ වගේම දුරකතනය Ring කරන්න ඕනේ නම්, Password එකක් දාලා Lock කරන්න ඕනේ නම් එහෙමත් නැත්නම් තියෙන Data ඔක්කොම Delete කරන්න ඕනේ නම් ඒ සදහා Option තිබේ.



 


Apple සදහා :-

01. කෙලින්ම iCoud Website එකට ගිහින් ඔයාගේ Apple ID එකයි Password එකයි ගහලා Track කරන්න පුළුවනි.


Windows සදහා :-

01. Windows Mobile Phone සයිට් එකට ගිහින් Devices > Phones > Find My Phone තෝරාගෙන එක හොයාගන්න පුළුවන්. Microsoft Account එකට ඔබ Login  වී සිටිය යුතුය.


එහෙනම් අයෙත් වැදගත් දෙයක් සමගින් මුණ ගැසෙමු... ඉස්සරහට එන නත්තලට දැන් ඉදන්ම සුදානම් වෙමු...

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.