CMD බාවිතා කර Windows Admin Account Hack කරමු - පියවර 6කි
ආයුබෝවන් යාලුවනේ ඔන්න මන් අද මට උන දෙයක් ගැන වගේම ඔයාල වැදගත් දෙයක් ගැන කියලා දෙන්නයි යන්නේ.
2016.01.10 වෙනිදා උන සිද්ධියක්. අපේ බොසාගේ ඒ කිවේ MR. Haroon ගේ ලැප්ටොප් එකක් ඔන් වෙන් නැ කියල ගෙනත් දුන්නා. හරි මන් ඔක්කොම ගහලා කරලා ඔන් කරද්දී ඔය වැඩකලේ.. අපහු ගිහින් දුන්නා සර් මේක වදනේ කියලා. එකේ තිබ්බ පාස්වර්ඩ් දාපු ඇඩ්මින් එකවුන්ට් එකකුයි නෝමල් යුසර් එකවුන්ට් එකකුත්. මාත් ඉතින් කිව එහෙම තියෙනවා කියලා. ඊට පස්සේ මගේ කටින්ම පිට වුනා "සර්ට ඕනේ නම් ඇඩ්මින් එකවුන්ට් එක ඕපන් කරලා දෙන්න පුළුවන් කියලා." ඔන්න බොලව් අයෙ දුන්නේ.. නෙට් එකේ සර්ච් කරලා අපේ බ්ලොග් කරන කොල්ලෝ ඇති වෙන්න මේ ගැන පොස්ට් ලියලා තියෙනවනේ. බල බල එක හැදුවා.. අද කියලා දෙන්නේ මන් එක හදන්න පාවිච්චි කරපු මෙතඩ් එක...
01. එකටම කරන්න ඕනේ System එක බලෙන් Off කරන එකයි. එතකොට මේ වගේ එකක් එනවනේ. එකේ තෝරාගන්න Launch Startup Repair කියන option එක.
02. ඊට පස්සේ එක Automatically Repair වෙමින් තියෙයි. අයෙ ටක වෙලාවකින් මෙන්න මේ වගේ Window එකක් පෙන්නාවි. System එක Restore කරන්නද කියල.. ඔය එක Cancel කරන්න.

03.ඊට පස්සේ අයෙ මේ වගේ Repairing එකක් ඒවි. ඊට පස්සේ උන වරද්දී විස්තර පෙන්වන Window එකක් ඒවි මේ වගේ.


04. ඕකෙදි යටින්ම රවුන් කරලා තියෙන ටෙස්ට් ෆයිල් එකක් පෙන්නාවි. එක ඔබලා. මෙන්න මේ Path එක දිගේ යන්න..
File => Open => Computer => Local Disk => Windows => System32
05. ඔතන තියෙන Sethc.exe කියන File එක හොයාගෙන Rename කරන්න Sethc1.exe බවට. ඊට පස්සේ cmd.exe එකත් හොයාගෙන එකේ Copy එකක් අරන් paste කරගන්න System32 Folder එක අස්සෙම. දැන් අර Copy කරගත් Folder එක Rename කරාන්න Sethc.exe බවට (.exe එක ගහන්න ඕනේ නැ.) ඊට පස්සේ අර Text pad එකෙන් අයින් වෙන්. පහල පින්තුර බලන්න.



06. දැන් අයෙ system එක On කරන්න. ලස්සනට ඔන් වෙයි. ඊට පස්සේ Admin Account එක ඔබලා ඔයාලාගේ Shift බටන් එක 5ක් එකදිගට ඔබන්න. ඔන්න එතකොට cmd හෙවත් Command Prompt එක Open වෙයි. දැන් ඔතනට මෙන්න මෙහෙම ගහන්න.
- net user කියලා ගහපුවම ඔයාලගේ Account එක පෙන්වනවා.
- ඔතන තියෙන ඔයාලගේ Admin එකවුන්ට් එක තෝරලා මෙහෙම ගහන්න net user INGAMOW * (නිල් පාටින් ඇත්තේ Code වේ.)
- ඊට පාස්සේ Password එකක් අහයි. එක හිස්තැන් තියලා Enter කරන්න. ඊට පස්සේ ඉතින් කතාව ඉවරයි.

එක පොඩි තැනකින් වින්ඩොව්ස් එක Hack කළා.. ඒ හැටි අමාරුවක් නැ. හදිස්සියේ ඕන වුනොත් පාවිච්චි කරන්න අමතක නොකරන්න.
සුපිරිම නේ
ReplyDelete