Ads Top

අපි හරියට නොදත් USB වර්ග හා සංස්කරණ ගැන දැනගන්න.



ආයුබෝවන් යාලුවනේ මෙන්න මන් ගානේ තවත් වැදගත් දෙයක්.






USB සංස්කරණ ගැන එකටම හදුනා ගනිමු. 

01- USB 1.1 - USB 1.0 නිර්මාණය කලත් කිසිදු නිෂ්පාදනයකට මෙය අඩගු නොවුන අතර USB 1.1 අඩංගුව උපකරණ 1998 අගෝස්තුවේ සිට නිර්මාණය විය. මෙහි උපරිම වේගයට තප්පරයට මෙගා බයිට් 12 (12Mbps) වන අතර එහෙත් ක්‍රියාත්මක වූ වේගය තප්පරයට මෙගාබයිට් 1.2කි. 

02- USB 2.0 - මෙය නිකුත් වුයේ 2000 වසරේ අප්‍රියෙල් මාසයේදීය. මෙහි උපරිම වේගය තප්පරයටට මෙගාබග්යිට් 480 (480Mbps) වන අතර එහෙත් සාමාන්‍ය වේගය තපප්‍රයටට මෙගාබයිට් 12ක් පමණක් විය. 
03- USB 3.0 - මෙය නිකුත් වුයේ 2008 නොවැම්බර් මාසයේ වන අතර මෙහි සුපර් ස්පීඩ් මෝඩ් එකට අනුව තප්පරයට ගිගාබයිට් 5 ක වේගයක් පැවතුනි. මෙය නිර්මාණයේදී නිල් පැහැතිව පොර්ට් සකස් කෙරිණි. 

04 - USB 3.1 - මෙය නිකුත් වුයේ 2013 ජුලි මාසයේ 26 වන දින අතර මිට පෙර පවතී USB 3.0 හි වේගය වගේ දෙගුණයක වේගයක් මෙහි අඩංගු විය. මෙය හදුන්වුයේ SuperSpeed+ හා SuperSpeed USB 10Gbps ලෙසය. මෙය සහිත උපාංග 2017 වසරේ සිට නිෂ්පාදනය වීමට නියමිතය හා බොහෝ දුරට මෙය USB Type C ආකාරයෙන් නිර්මාණය වනු ඇතැයි සැලකේ. 

ඔන්න එහෙනම් USB සංස්කරණ ගැනත් දැනගත්තා. දැන් බලමු මේ USB වල වර්ග ගැන 

01- Original Standard - මෙය USB 1.1 හා USB 2.0 සදහා භාවිතා කරන අතර විශාල වශයෙන් ප්‍රින්ටර්, ස්කෑනර් වැනි උපාංග භාවිතයට නිර්මාණය කර ඇත. මෙය Standard B ලෙසද හදුන්වයි. 

02- Mini USB- මෙය Original Standard එකට වඩා කුඩා වන අතර හැමෝම දන්නා Phones, Camera, හා Portable Devices සදහා නිර්මාණය කර ඇත Micro USB - මෙය නිර්මාණය කර ඇත්තේ දැන් එන අලුත්ම ස්මාර්ට් දුරකථන හා ටැබ්ලට් සදහායි. 

03- Micro USB 3.0 - මෙය නිල් පැහැති කේබල් එකකින් නිර්මාණය කර ඇති අතර USB 3.0 ඇති Portable Devices සදහා භාවිතා කරයි. 

04- Standard-B USB 3.0 - මෙය මුලින්ම කිව Original Standard (Standard B) හා සමානව නිර්මාණය කරන අතර මෙහි වේගය USB 3.0 හි වේගය ගනී, බොහෝ දුරට මෙහි කේබල් එකට නිල් පාටින් යුක්තය.

තව දුරටත් තොරතුරු මෙන්න 


මේකත් බලන්න 

USB 2.0 හා USB 3.0 හදුනා ගැනීම

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.