Ads Top

My Iceland Love Story - අයිස්ලන්තය හා මගේ ආදර කතාව - Part 9 (Landmannalaugar)


ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් අදත් මං ගානේ අලුත්ම පොස්ට් එකක්.. කියවන්න දැනගන්න අනිවාර්යෙන්ම Share කරන්න






අයිස්ලන්තය යනු ස්වභාව සෞන්දර්යෙන් සපිරි දේශයක්. ඇයි මම එහෙම කිවේ කියලා මගේ කලින් හැම පොස්ට් එකේම එකට උදාහරණ දීල තියෙනවා. අද මම කියන්න යන්නෙත් ඒවගේම තවත් සුන්දර තැනක් ගැනයි.

එයා - අයියා ගොඩ කාලෙකින්...
මම - ඔවුනේද සැහෙන කාලයක් වෙනවා..
එයා - මාව අමතක කලාදෝ...
මම - අයියෝ එහෙම නැ.. ඉතින් නංගි අලුතින් කොහෙවත් ගියේ නැද්ද බලන්න...
එයා - ආ ගියා ගිය ලස්සන පැත්තකට..
මම - ඒ කොහෙද අප්පා ඒ.
එයා - හරි අයියේ එහෙනම් අහගන්නකෝ.. කතාව
මම - කියමු බලන්න මොකක්ද කියලා..
එයා - මේ තැනෙ නම තමයි Landmannalaugar. එක තියෙන්නේ අයිස්ලන්තයේ දකුණු පැත්තට වෙන්න. හරියටම කිවොත් Fjallabak Nature Reserve කියන කලාපයේ.. එක මාර ලස්සනයි අයියේ..
මම - ඒ මොකෝ ඒ ලස්සනයි කිවේ.



එයා - එක නිකන් කදුකර ප්‍රදේශයක් වගේ. එක එක පාට පාට ලස්සන කදු. අනිවාර්යෙන්ම අයියා මේක බැලුවොත් කියනවා මෙක නම් පොටෝෂොප් කියලා. එත් මේක පොටෝෂොප් නෙවේ. අපේ රටේ සුන්දරත්වය තමා මේක..
මම - මට ෆොටෝ ටිකකුත් එවන්න. ඉතින් තව විස්තර කියන්නකෝ..
එය - ඕක හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. 1477 දී Laugahraun කියන ලාවා තිරය පුපුරලා ගිහින් තියෙනවා. අන්න එකෙන් ආපු ලාවා වලින් තමා මේ වගේ ලස්සන වර්ණ රටා වලින් මේ ප්‍රදේශය හැදිලා තියෙන්නේ.
මම - ශා මරුනේ.. මන් පින්තුර බැලුවා ඇත්තටම මාරයි..
එයා - ඔව් අයියේ එකම මාරම ලස්සනයි. අයියා දන්නවද ඒ හරිය උණුදිය උල්පත් වලින් පිරිලා තියෙන්නේ. දන්නවනේ අයියා අපේ රට තියෙන්නේ භුඋතැටි දෙකකට මායිම් වෙලවා කියලා.
මම - ඔවු ඉතින්..



එයා - අන්න ඒ දේ නිසා තමා මේ වගේ ලස්සන තැනක් අපිට ලැබුනේ.. අයියා දන්නවාද මේක බලන්න යනවා නම් අයියා එන්න ඕනේ මේ කාලයේ තමා. ඒ කිවේ ජුනි ඉදන් සැප්තැම්බර් වගේ කාලය. අනිත් කාලයට ඒ පාර වහනවා අපේ මාමාලා. අයියට යන්න ඕනේ නම් අපි එක්ක වාහනේ යන නැත්නම් බස් එකෙත් ගිය හැකි.
මම - මන් බැලුවේ බස් එකේ යන එක හොදයි වගේ.
එයා - ඇයි මෝඩයෝ මගේ වාහනයේ තියෙද්දී බස් එකේ යන්නේ..
මම - වාහනේ යනවට වඩා බස් එකේ යන එක හොදයි වගේ. කන්කරච්චලේ වැඩිනේ.
එයා - ආ එහෙමද කියන්නේ එහෙනම් යනවකෝ බස් එකේ. එන්න එපා මාත් එක්ක යන්න.
මම - හෙහෙ.. හරි හරි එනවා වාහනේ යන්..
එයා - මොඩය... අයියා එහෙනම් පින්තුර බලන්නකෝ.. මන් වීඩියෝ එකකුත් දෙන්නම්. අයියට පිස්සු හැදෙයි මේ Landmannalaugar පැත්ත දැකලා.. මෙහෙ පදිංචියට එන්න හිතෙයි.
මම - මාත් මේ බැලුවේ ඔහේ පදිංචියට එන්න තමා..
එයා - ශා මරුනේ.. අන්න එක හොදයි.. එන්නකෝ..
මම - හා හාඅ බලමු.. එහෙනම් නංගි මන් ගිහින් එන්නම් පස්සේ අයෙ අලුත් දෙයක් මට කියන්න හොදද..
එයා - හා අයියේ.. Guð blessi þig. ég elska þig.
මම - ég líka elskan mín






No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.