Ads Top

My Iceland Love Story - අයිස්ලන්තය හා මගේ ආදර කතාව - Part 10 (Silfra)



ආයුබෝවන් යාලුවනේ මෙන්න මන් අදත් ගේනවා පිස්සු හැදෙන පොස්ට් එකක්.. 






මේ තමා අයිස්ලන්තය නමැති සුරලෝකයේ ඇමරිකානු හා යුරෝපා මහද්වීප තැටි දෙක වෙන් වෙන ස්ථානය.මිනිස් ඇසට වඩාත් හොදින් දකින්න පුළුවන් මේ ස්ථානය වාර්ෂිකව සෙන්ටිමීටර දෙකකින් පමණ අපසාරී වේ. ඒ කිවේ ඈත් වෙනවා.. මේක බලාගන්න නම් අයිස්ලන්තයේ තියෙන Þingvallavatn නම් වැව බලන්න යන්නම වෙනවා. එක තියෙනෙන් අයිස්ලන්ත ජාතික උද්‍යානයක් වන Þingvellir හි තුලයි..



 සරලව කිවොත් මේක සංචාරක පාරාදීසයක්. අයිස්ලන්තයේ තියෙන්නේ ලෝකේ සුපිරිසුදුම වතුර. මේ වීඩියෝ එක බැලුවොත් තේරෙයි මෙහෙ වැවක තියෙන වතුර වල පිරිසිදුකම. ට්‍රැවල් කරන අයට කියලා තියෙන්නේ වතුර බෝතල් ගන්න ඕනේ නැ මේ රටේදී. පාරේ තියෙන Tap එකෙන් එන්නෙත් සුපිරිසිදු වතුරයි. ඒ තරම් Pure Water. ඒ උනාට සල්ෆර් සුවදක් එනවා. මොකද ගිනිකදු වලින් පිරුණු රටක්නේ. ඒ උනාට අවුලක් නැ හොද වතුර.. කව්රු හරි Icelandගියොත් මේක බලන්න අනිවා යන්න.. මේ වගේ භූ තැටි දෙකක් වෙන් වෙන තැනක් දකින්න හම්බ වෙන් නැ ලේසියෙන්ම.. හැමෝටම Share කරන්න..









No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.