Ads Top

ආයුබෝවන් යාලුවනේ. මෙන්න තවත් වැදගත් පොස්ට් එකක්.. සරලව කිවොත් අපේ කොල්ලෙක්ගේ වැඩක්.


ඔහු නමින් Rashan Hasaranga. සාමාන්යෙන් තරුණ වයසේ කොල්ලන්ට Computer එකක් කිවම හිතෙන්නේ Social Media, Games වගේ දේවල් නේ. එත් මේ කොල්ලා ඒ තැනින් ටිකක් එහාට ගිහින් හිතපු එකෙක්. පොඩි පොඩි Software කෑලි හදන්න උත්සහ කරන, වැදගත් වෙන අන්තර්ජාලීය තොරතුරු හොයන්න උත්සහ කරන කොල්ලෙක්. පහුගිය ටිකේ සමහර පොස්ට් නිසා ඔහු එක එක Online News වලත් ජනප්‍රිය උනා. කොල්ලා පොඩි තමා එත් සාමාන්‍ය මිනිස්සු හිතන ප්‍රමාණයට එහාට ගිහින් යමක් හිතලා කරනන් හදපු කොල්ලෙක්. මු ගැන එකක් කියන්න ඕනේ. මු Sajana Wanigasuriya ලොකුම Fan කෙනෙක්.



දැන් මොකක්ද රෂාන් කරලා තියෙන්නේ. අපි හැමෝටම Facebook ගිණුමක් තියෙනවා. ඔකේ ඇති වෙන්න සිය දහස් ගණන් යාලුවෝ ඉන්නවා. එත් Active කියද ? උන් අපේ පොස්ට් වලට එක්ක සම්බන්ධව ඉන්නවද ? කියන ප්‍රශ්නෙට සරල පිළිතුරක් හදලා තියෙන්නේ. Software එකේ නම Facebook Mega Tool V1.1

මමත් ටිකක් Try කරලා බැලුව.. මුලින්ම Facebook එකට Login වෙන්න ඕනේ එක හරහා. (මලා මු අපේ Password උස්සයිද ? එකට විකල්පයක් විදිහට ඔයාගේ Facebook account එකේ 2-factor authentication පාවිච්චි කරන්න. හැබැයි මු එහෙම උස්සන එකෙක් නෙවේ. රෂාන් ව දන්නා උන් දන්නවා මු මොකෙක්ද කියලා.එත් නොදන්නා උන් කැමති නම් අර විකල්පේ පාවිච්චි කරන්න.) ඔහොම Search කරන යද්දී මත දැක්ක සැහෙන දෙනෙක් මගේ Active නැති බවක්. 






දැනට Free Version එකෙන් පුළුවන් Likes මගින් ඔයාගේ යාලුවෝ Active or not කියන එක හොයන්න විතරයි. ඒ වගේම තව Option ගොඩක් දීලා තියෙනවා. ඒවා ගන්න නම් පොඩි Donate එකක් කරන්න ඕනේ. පාඩු නැනේ වැඩේ වෙනවා නම්. 







ඔන්න ඕකයි කතාව. කැමති අය මේක Download කරලා Try කරලා බලන්න.. සුබපැතුම් රෂාන් මල්ලි දිගටම වෙනස් විදිහේ නිර්මාණ කරපන්.. පුළුවන් හැමෝම Donate පාරක් දාලා Support එකක් දෙමු උට හොද ගමනක් යන්න පොඩි විදිහට හරි උදව්වක් කරමු.. 

2 comments:

  1. බොක්කෙන්ම සුභ පතනවා රශාන් අයියේ.. සුපිරි වැඩක්.. දිගටම මේ වගේ දේවල් කරමු.. ❤️👏

    ReplyDelete
  2. Vâng, tôi hoàn toàn đồng ý với bài viết này, và tôi chỉ muốn nói rằng bài viết này rất hữu ích và khai sáng. Tôi cũng có một số thông tin quan tâm quý giá !!!!!! Cảm ơn. Soi cầu XSMN Kubet : https://www.linkedin.com/showcase/soi-cau-xsmn-kubet/

    ReplyDelete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.