Ads Top

My Iceland Love Story - අයිස්ලන්තය හා මගේ ආදර කතාව - Part 11 (Iceland Black Sea)



ආයුබෝවන් යාලුවනේ.. ඔන්න අදත් මන් අයිස්ලන්ත ලිපියක් ලිව...




කවදාහරි සුදු වැලි සහිත මුහුදු තිර දැකලා තියෙනවද. අනිවාර්යෙන්ම ඔව්. නොදැක්ක කෙනෙක් ලංකාවෙනම් ඉන්න බැ. එත් කවදාහරි කළු පාටින් යුත් මුහුදු තිරයක් දැකල තියෙනවද ? මන් හිතන්නේ නැ. අද කියන්න යන්නේ අයිස්ලන්තයේ Reynisfjara shore හෙවත් Iceland Black Sea එක ගැනයි. 1991 දී ලෝකයේ වඩාත්ම ලස්සන මුහුදු තිර 10න් එකකි. මේක තියෙන්නේ අයිස්ලන්තේ දකුණු දිග ප්‍රදේශයේ තමයි. මේ මුහුදු තිරය නිර්මාණය වෙලා තියෙන්න ලාවා වලින් කියලයි ඒ අය කියන්නේ.





ඒ වගේම මේ මුහුදු තිරය ලගම තියෙන එක්තරා විශේෂ කන්දක් තියෙනවා. එමොකද කිවොත් ඒ කදු සාමාන්‍ය කදු වගේ නෙවේ එක තියන්නේ කුළුණු විදිහට නිර්මාණය වුනු පිරමිඩ ආකාරයටයි. ඇත්තටම මේක නම් මාරම පුදුමාකාර ස්වභාවික නිර්මාණයක්. ඒ කන්දට කියන්නේ Gardar කියලයි. "Noah" චිත්‍රපටිය බලපු කෙනෙක් නම් මේ තැන ගැන යම් මතකයකට එනවා නොඅනුමායි. අයිස්ලන්තය කියන්නේ පුදුමාකාර ලස්සනක් තියෙන රටක්. සමහර පැතිවලට මිනිස්සු ගිහින් නැ. ඒ තරම් ඒ රටේ අය ඒ දේවල් ආරක්ෂා කරනවා.. මිනිස් පහස නොලත් ස්ථාන රැසක් රට අභ්‍යන්තරයේ තියෙනවා කියයි ආරංචිය.








ඒ වගේම ඉස්සරහට උත්තරද්‍රවය අසන්න රටවල් කිහිපයක් ගැනත් කතා කරන්න හිතන් ඉන්නවා. අපේ ගොඩක් අයට රටින් පිටට යන්න තරම් ලොකු වත්කමක් නැ. එත් ඒ දේවල් දැනගන්න පුළුවන්. විදින්න පුළුවන් දැන්. යන්න Youtube Search කරන්න. ඔබටවත් විස්වාස කරන්න බැරි ගොඩක් දේවල් දකින් පුළුවන්.. මානසික තෘප්තියක්. සමහර විට අද බලල දැනෙන හැගීම නිසා අනාගතේදී ඒ තැනට යන්න බැරිකමකුත් නැ.. එහෙන්ම අයේ මුණ ගැසෙමු...

උපකාරක වෙබ් අඩවිය - CLICK HERE

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.