Ads Top

My Iceland Love Story - අයිස්ලන්තය හා මගේ ආදර කතාව - Part 12



ආයුබෝවන් යාලුවනේ මෙන්න මගෙන් තවත් මගේ සොදුරු කොටසක් ගැන...





එයා - ඔයාලට දැන් මාව මතකවත් නැනේද ?

මම - එහෙම නැ අනේ. මන් ලංකාවට ආවනේ. ඉතින් කතා කරන්න බැරි උනා ගොඩ කාලෙකින්.. 

එයා - නෑ.. ඔයා වෙනස් වෙලා එකයි ඔය.. ලංකාවට ගියා කියලා කතා නොකර ඉන්න බැරි කමක් නැනේ..

මම - හරි ඉතින් අද කතා කරන්න පටන් ගත්තනේ අයෙ.. ඉතින් කොහොමද විස්තර එහෙම..

එයා - එත් ඔයා හොද නැ අනේ.. මුකුත් එහෙම විශේෂත්වයක් නම් නැ.. මේ ටිකේ නම් ටිකක් සීතලයි..

මම - ඒ මොකෝ සෙල්සියස් කියාද දැන්..

එයා - අද නම් සෙල්සියස් 8ට වගේ තිබ්බා.. ඉතින් 5-10 අතර තමා මේ ටිකේ යන්නේ.. කොහොමද අයියේ ලංකාව..

මම - ලංකාව ඉතින් alltaf falleg තමයි.. පොඩ්ඩක් එහෙම ඇවිද්ද මමත්.. මේ ටිකේ අපිටත් වහිනවා..

එයා - ශෝක් ඇති එහෙනම් වැහිනවලුනේ. අයියත් ගොඩක් ආසයිනේ වැස්සට.. අයියට කවි ලියන්න පුළුවන් කාලයක් තමා මේ යන්නේ නේද..

මම - එහෙමත් නැ.. ඉතින් ඔහේ එනවා ඔහේ ලියනවා හිටපු ගමන්.. ඉතින් අයිස්ලන්තේ විස්තර කියන්නකෝ.. 

එයා - නාසා එකේ මාමලා අගහරුවලට යන්න කලින් පෙර පුහුණුවීම් කරන්න මෙහෙ එනවා කියලා ආරන්චියි.. තව ලෝකේ ලොකුම cruise liner නැව මේ සෙනසුරාදා (26.05.2018) එනවා කියලා නිව්ස් වලට කිවා..

මම - එහෙනම් හොද ඇති රටට මේ ටිකේ.. 

එයා - ඔව් ඉතින් අපිට හොදයි ටිකක්. ඉතින් අයියා කවද්ද එන්නේ.. 

මම - මන් ඉතින් කිවනේ 2025 ට කලින් එනව් කියලා. බලන් ඉන්නකෝ එන්නම්කෝ.. ඇවිත් බලලා යන්නම්කො..

එයා - ඉක්මනට එන්න ලොකු රවුමක් ගහමු අපි.. හෙහෙ..

මම - පිස්සු කෙල්ල.. 

එයා - පිස්සා.. මෝඩයා.. බතලයා...

මම - හරි හරි මොඩියේ.. අයෙ වෙන දවසක කතා කරන්නම් එහෙනම්.. 

එයා - හරි අයියේ ඉක්මනට කතා කරන්න හොදද..

මම - හකෝ... එහෙනම් මන් ගියෝ..

එයා - හරි bless .. bless .. elska þig

මම - blessi .. ég líka

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.