Ads Top

ඔබේ හිස්හොරි තුරන් කිරීමේ රහස් 5 - සිංහල ආයුරුවේද රහස්.

ආයුබෝවන් යාලුවනේ. අද ඉදන් වර්තමානයේ ඔයාලට ගොඩක් වැදගත් වෙන පොස්ට් ටිකක් දන්නා හිතුවා.. සිංහල ආයුරුවේදය වටිනා රහස් අද සිට දකින්න මෙන්න අවස්ථාව..


පලවෙනි අයුරුවේද රහස විදිහට මම තෝරාගත්තා වර්තමානයේ බොහෝ අයට තියෙන "හිස්හොරි" හෙවත් Dandruff නමැති කරදර කාර රෝගය. මේ සදහා සිංහල අයුරුවේද කලාවේ සුවපත් කිරීමේ විශ්මිත වූ බේත් වර්ග රැසක් තියෙනවා. වර්තමානයේ ගොඩක් අය මේ සදහා විවිධාකාර වූ ෂැම්පු වර්ග භාවිතා කලත් සිංහල අයුරුවේදයේ මේ වෙදහෙදකම් අතිසාර්ථක ලෙස සුවපත් වනවා දැකලා ඇති. මෙන්න ඒ රහස් ටික..


  • රතුළුණු හා උළු හාල් මිටක් එක තරමට ගෙන හොදට තම්බන්න. දිය නෑමට පැය බාගයකට පෙර එම තැම්බූ වතුර හිසට දමා හොදින් පිරිමදින්න. විනාඩි කීපයක් හොදින් පිරිමැදීමෙන් පසු නෑවට වරදක් නොමැත. සතියට දෙවරක් කරන්න. හිස්හොරි සුව වේ..
  • දෙහි ගැට හා ගොඩපර තම්බා හොදින් හිස පිරිමැද නැමෙන්ම සාර්ථක ප්‍රතිපල ලබාගන්න පුළුවන්.
ගොඩපර
  • වෙරළු කොළ හා පේර කොළ එක තරමට ගෙන කොටා එහි යුෂ දිය නෑමට පැය බාගයකට පෙර හිස ගලවා එම යුෂ හොදින් අගිලිතුදුවලින් හිසේ අතුල්ලන්න. පැය බාගයකට පසු හොදින් නමෙන් හිස්හොරි සම්පුර්ණයෙන්ම ගැලවී යනු ඇත.
  • දෙහි කොළ මිටක් ගෙන එයට දෙහි ගෙඩියක් හීනියට කපා දමා තම්බා ගන්න. එම දියරයෙන් නෑමට පැය බාගයකට පෙර හොදින් සෝදාගන්න. මෙය සතියට දෙවරක් කරන්න. කදිම ඔසුවකි.. 
  • එමෙන්ම හිස පිරිසිදුව තබාගැනීම ස්නානය කිරීම අඩුම වශයෙන් සතියට දින 4-5ක් කල යුතුය. ඖෂධීය තෙල් වර්ග හෝ පොල්තෙල් දෙයක් ද භාවිතයට ගන්න. 

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.