වේදනාකාරී ගැස්ටික් රෝගය සුව කරගැනීම රහස් 5 - සිංහල ආයුරුවේද රහස්.
ආයුබෝවන් යාලුවනේ.. මෙන්න අපේ සිංහල වෙදකමේ රහස් අංක දෙක. අද අපේ රටේ බහුලවම තියෙන රෝගයක් ගැනයි මේ විස්තරය.
ලංකාවේ බොහෝ අයට සැදී තියෙන අතිශය වේදනාකාරී රෝගයක් වන මෙය නමින් "ගැස් ටයි ටිස්" , "ගැස්ටික්" ලෙස හදුන්වනවා.. මෙයට ප්‍රධානම හේතුව අපේ උදේ ආහාරය නියම වෙලාවට අවශ්‍ය පරිදි ලබා නොගැනීම නිසා උදරයේ සදෙන අම්ල වැඩිවී යාමයි. මුලින්ම සිදුවන බඩේ දැවිල්ල කාලයක් සමගම උදරයේ බඩවල් හි තුවාල ඇති කරමින් රෝගය උත්වන්න වනවා. උදරය පිපි ඔක්කොරයට එන අවස්ථාද තිබේ.
මෙයට තියෙන වඩාත් හොදම ප්‍රතිකාරය නම් නියම වෙලාවට නියම ප්‍රමාණයෙන් ආහාර ගැනීමයි. සමහරු මෙය තේ එකකින් නිමා කිරීමට සැරසුනද එය ප්‍රමාණවත් නොවේ. හොද ආහාර වේලකින් සප්පායම් වීම අතිශය වැදගත්. දැන් බලමු මෙයට තියෙන සිංහල ප්‍රතිකාර රහස්.
- මේ රෝගය සදහා තියෙන හොද ප්‍රතිකාරයක් වනුවේ උදේ පාන්දර හිස් බඩට ඇල්වතුර විදුරු කිහිපයක් පානය කිරීමයි. මතක තියාගන්න මේ වතුර විදුරු කිහිපය බොන්න ඕනේ තේ එක බොන්න කලින් බව...
- කිරි මෝරු, කිරි, මුදවාගත් කිරි, යෝගට් මේ රෝගයට වඩාත් සුදුසු ආහාරමය ප්‍රතිකාර වේ.
- ඇල්වතුර, තැඹිලිවතුරද, කුරුම්බා වතුරද දිනපතා පානය කිරීමෙන්ද මේ රෝගයට සුදුසුය.
- ගස්ලබු , කොමඩු, පැණිදොඩම් ගැස්ටික් රෝගය සමනය කරයි.
බඩේ දැවිල්ල හා ගැස්ටික් රෝගය වරින්වර සැදේ නම් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සුදුසුවේ.
සියලුම සිංහල අයුරුවේද රහස් බලන්න මෙන්න මෙතන ඔබන්න.
බෙලි කොලත් තම්බා පානය කිරීම හොදයි.
ReplyDelete