Ads Top

ප්‍රංශයේ හදවත ගැන ඔබ දැනගත යුතුම දේ - Story of Notre-Dame Cathedral

ආයුබෝවන් යාලුවනේ අද මම කියන්න අවේ ලෝක උරුමක් උන, ගෘහ නිර්මාණය කරණයේ අග්‍ර ගනයේ තැනක් ගැනයි.


ලෝක කතෝලික ප්‍රජාවගේ මෙන්ම ලෝක උරුම ස්ථාන අතරින් වැදගත් ස්ථානයක් ලෙස සලකු නොට්‍රඩාම් දේවස්ථානය හදුන්වයි. මේ 2019 අප්‍රියෙල් මස 15 වන දින හදිසි ගින්නකට මුහුණ දීමට සිදු විය.අද කතාව මේ සුන්දර අලංකාර දේවස්ථානය ගැනයි.


මෙහි ආරම්භය ලෙස සටහන් වෙන්නේ මෙසේය. 
                                 ක්‍රි.ව. 1165  - 1345 යන කාලයේදී නිර්මාණය ආරම්භ වී අවසන් වී ඇත. මෙය ප්‍රංශ ගොතික් (French Gothic) නමැති ගෘහ නිර්මාණය ශිල්පයට අනුව නිර්මාණය උවකි. මෙය දිගින් මීටර 128 වන අතර පළලලින් මීටර 48 හා කුළුණු දෙකකින් සමන්විත වුවකි. කුළුනක උස මීටර 69 කි. ගන්ටාර 10 කින් සමන්විත මෙය ලෝක උරුමයක් ලෙසද නම් දරා ඇත. මෙම දේවස්ථානයේ නිල නාමය වන්නේ "Cathédrale Notre-Dame de Paris". 

"ප්‍රංශයේ හදවත" නමින් විරුදාවලිය ලත් මෙය ප්‍රංශ රටේ වැඩියෙන්ම සංචාරක ආකර්ෂණය හිමි ස්ථානය වීමයි. අයිෆල් කුලුනටත් වඩා මෙය සංචාරක ආකර්ෂණය හිමි වන අතර වාර්ෂිකව ලෝ පුරා මිලියන 13ක අදික ප්‍රමාණයක් මෙය නැරබීමට පැමිණෙයි. එය දිනකට 35,000ක් පමණ වේ.  

මෙහි ඇති ගන්ටාර 10 සදහා විශේෂ නාමයන් ලබා දී ඇති අතර එය නම් 
  1. Marie
  2. Emmanuel
  3. Gabriel
  4. Anne-Geneviève
  5. Denis
  6. Marcel
  7. Etienne
  8. Benoît-Joseph
  9. Maurice
  10. Jean-Marie

මෙහි 850 වෙනි සංවත්සරය 2013 සමරු අතර ප්‍රංශ කලාව මනා ලෙස නිර්මාණය කරන ලද හොදම ස්ථානයක් ලෙසද හදුන්වා දියහැකිය.


ඉහත රුපයේ ඇත්තේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසයේ අනාගසා ලැබූ කුරුසියේ කොටසක් හා, ශුද්ධවූ ඇනයක් හා ඔටුන්නේ කටුවකින්ද සමන්විතයි. මෙහි වටිනාකම මිල කල නොහැකි තරම්ය.

එමෙන්ම "කිලෝ මීටර 0" (0 km) සලකුණ තියෙන්නෙත් මේ ස්ථානයේ බව ඔබ දන්නවද..



මේ ලෝක පුජිත ස්ථානය නොසිතු අයුරින් මහා විනාසයකට ලක් වීම ලෝ වැසි සියල්ලගේම කම්පාව හේතු වීමක් විය. ප්‍රංශ ගෘහ කලාව, කතෝලික බැතිමතුන්ගේ මුදුන්මල්කඩක් බදු වූ මෙය නැවත ප්‍රතිසංස්කරණය සදහා කඩිනම් පියවන්න ගන්න ලෙස ප්‍රශ්න ජනපති වන Emmanuel Macron දැනුවත් කිරීමත් මත එය සදහා යන වියදම  සපුරා ගැනීමට අරමුදලක් පිහිටුවා ඇත. එය සදහා ඔබටද සහය දැක්විය හැකිය. පහතින් ඇත්තේ එහි වෙබ් අඩවියයි.





Click Here

මේ වන විට ප්‍රශ්න බිලියනපතිවරුන් විසින් ලෝක පුජිත නොට්‍රඩාම් දේවස්ථානය ගොඩ නැගීමේ අරමුදලට එකතු වෙමින් සිටින බව ආරංචි වේ.

එ මහා විනාසය සිදු වන විට ගත් රුප රාමු. 



මේ එය ගිනි ගැනීමට පෙර ලබා ගත් දසුන්. 



කෙසේ නමුදු මේ ලෝක පුජනිය ස්ථානය නැවත ප්‍රති නිර්මාණය කිරීමට පරිගණක ක්‍රීඩා නිර්මාණය ආයතනයක් වන UBISOFT සමාගමේ පරිගණක ක්‍රීඩාවක් වන ප්‍රංශ විප්ලවය හා සම්බන්ද වන Assassin's Creed Unity නම් පරිගණක ක්‍රීඩාව නිසා පහසු වේ මන්දයක්. එහි නොට්‍රඩාම් හී 3D ආකාරයේ රුප රාමු වලින් සමන්විත බැවිනි. 

පසුගියදා සිදු වූ සිදුවීම හා නොට්‍රඩාම් දේවස්ථානයේ සදහා "දෙරණ" විසින් තැබූ සටහනක්. 






අපි බල සිටුමු. නැවත නැගී එන ප්‍රංශයේ හදවත. ලෝක ප්‍රජාවගේ එකමුතුව, සහයෝගය හා මිනිසුන්ගේ මානුෂිය හැගීම් මුසුව ගොඩ නැගෙන්න යන මේ ලෝක පුජිත  ප්‍රතිනිර්මාණය නැවත තේජාන්විතව වැජඹෙන දවස දක්වා.. 








ගෘහ නිර්මාණය හා කලාවට ලදී හා කතෝලික ඔබගේ ආශීර්වාදය සැමදා එයට ලබා දෙන්න. 



No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.