Ads Top

අපේ ගම තොඩුවාව - තොඩුවාව/ ඉරණවිල මෙන්ඩිස් ළමා උද්‍යානය (Thoduwawa Children Park)


ආයුබෝවන් යාලුවනේ අද කතාව අයිති වෙන්නේ "අපේ ගම තොඩුවාව - Ape Gama Thoduwawa" යන කොටසටයි. එහෙනම් පටන් ගමු.


මුලින්ම ඇති රූපේ දකිනවා සමග ඔයාලට තේරෙනවා ඇති මේ ගම ධිවර ගම්මානයක් බව. ඔව් අනිවාර්යෙන්ම මහා සයුර හා ගැටෙමින් රටට මහා ධනස්කන්දයක් ගෙන දෙන සුන්දර , විනොදාස්වාදයෙන් පරිපුර්ණ ධිවර ගමක් බව අනිවාර්යෙන්ම කියන්න ඕනේ. වැඩි පිරිසක් කතෝලික ජනතාවක් සිටින ශු. අන්තෝනි මුනි රැකවරණයෙන් ආරක්ෂා වන මිනිසුන් රැසක් ඉන්න ගමකි.

විනෝදය මේ මිනිස්සුන්ගේ ලේ වලම තියෙන දෙයක් බව අනිවාර්යෙන්ම කියන්න ඕනේ. අන්න ඒ "සුන්දර තොඩුවාව" නම් වූ ගමේ තියෙන තොඩුවාව මෝය අද වනවිට දෙස් විදෙස් සංචාරකයින්ගේ දෑස ගැටුන තැනක් බවට නිර්මාණය වී ඇත. 2020 ජනවාරි 14 මහජනයාට උරුම වූ "තොඩුවාව ඉරණවිල මෙන්ඩිස් සිගිති ළමා උද්‍යානය" නිසා සොබාදහමට ආදරය කරන, මුදු රැල්ල පාගන්නට, ලුණු මිශ්‍ර සුළගට ප්‍රියජනකතාවයක් හිමි හැමෝම අද වන විට තමන්ට නිවාඩුවක් ලැබෙන විටදී එන්නට කැමති ස්ථානයක් බවට මෙය සටහන් වෙමින් පවතී.  





More Photos Click here





 (රූපරාමු උපුටා ගැනීම - Thoduwawa page )


ඉතින් ඔබට මේ සුන්දර ස්ථානය දැකගන්න ආසාවක් තිබේ නම් එන්න ඕන මාර්ගය නම් මෙසේය.

ඔබ මහවැව නගරයේ සිට පැමිණෙන අයෙකු නම් පහත සදහන් ආකාරයට 




එසේ නැතහොත් හලාවත නගරයේ සිට පැමිණෙන අයෙකු නම් (පාර අබලන් වී ඇත)


එසේත් නොමැති නම් "Thoduwawa Children Park" නමින් Google Map හි Search කරන්න. 

අවවාදයයි - ඔබ මෝය ජල ක්‍රීඩා හෝ නාන්න සුදානමින් නම් ඒ පිළිබද වැඩි අවදානයකින් ඒ කටයුත්ත සිදුකරන්න. ගැඹුරු තැන් මෙන්ම සමහර ස්ථාන වල දිය සුළි ද පවතින අතර මෙන්ම විශාල කළු ගල්ද තිබේ. ඔබේ පරිස්සම අනිවාර්යෙන්ම සලසා ගන්න. 

එහෙනම් විනෝද වන්න සොබාදහම එක්ක ජිවත් වෙන්න. මහා සයුර හා බැදෙමින් ඔබේ ජීවිතය සතුටින් ගත කරන්න ඔබට අපෙන් ආරාධනා...
here: ඉංජ, ඒ‍යි, ඔන්න, මුබ, මෙතැන, මෙන්න, මෙහි, මෙහිදී, මෙහේ, මේ ස්ථානය, මොබට
English - Sinhala

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.