Ads Top


ආයුබෝවන් යාලුවනේ අද මම කතා කරන්න යන්නේ අපි හැමෝටම උවමනා වෙනදෙයක් ගැනයි.





මාතෘකාව දැක්ක ගමන් ඔයාලාට තේරුම් යන්න ඇති මොකක් ගැනද මේ කියන්න යන්නේ කියලා. අපි හැමෝම දන්නා විදිහට කිවොත් "Memory Card" ගැනයි. 

මොකක්ද මේ Memory Cardඑකක් කියන්නේ ? මොකක්ද එකෙන් වෙන්නේ. කියලා එකටම කතා කරමු 

සරලව අපි මේක ගැන කියනවා නම් Memory card එකක් යනු ඩිගිටල් තොරතුරු ගබඩා කිරීමට භාවිතා කරන ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩා උපරණයකි. මේක හරියට Pen Drive වගේ දෙයක්. දැන් අපි දන්නවා එතකොට මෙන් වෙන්නේ අපේ ඩිගිටල් තොරතුරු ගබඩා කරලා රදවාගන්න පුළුවන් දෙයක් බව. Memory Card සදහා කියන තවත් නමක් තමයි SD card කියන්නේ. ඒ කියන්නේ Secure Digital. ඉස්සරහට අපිත් කියන්නේ SD Card කියලයි. 

මේවා භාවිතා කරන්නේ මොනවටද

01. දුරකථන සදහා
02. කැමරා උපකරණ සදහා 
03. Tablet වැනි දත්ත ගබඩා කරන්න ඕන උපරණ සදහායි



දැන් අපි බලමු Memory Card එකකින් අපිට ලැබෙන වාසි හා අවාසි ගැන

වාසි ගැන කිවහොත්

i. අඩු විදුලි ධාරිතාවක් භාවිතා කරමින් දත්ත ගබඩා කිරීමේ හැකියාව.
ii. ඉතා සැහැල්ලු හා කුඩා උපකරණයක් බැවින් දත්ත රැගෙන යාමේ පහසුව.
iii. ඉතා වේගවත් ක්‍රියාකාරිත්වයක් සමගින් දත්ත ඇතුලත් කරන්නත්, ඒවා නැවත ලබා ගන්නත් හැකි වීම.
iv. වර්තමානයේ මෙය ඉතා කුඩා නමුදු විශාල ප්‍රමාණයේ ධාරිතාවයක් සමගින් පැමිණෙන නිසා වැඩි දත්ත ප්‍රමාණයක් තබා ගැනීමේ හැකියාව.
v. විවිධ උපකරණ සමග පහසුවෙන් සවිකිරීමට හැකි වීමත් විශේෂ වාසියකි.

අවාසි ගැන කිවහොත්

i. කුඩා උපකරණයක් බැවින් අස්ථානගත විය හැකිය.
ii.පහසුවෙන් කඩා බිද දැමිය හැකි වීම
iii. හදිස්සියේ සිදුවන බලපෑම් නිසා සම්පුර්ණ card පතම කියවීමට හෝ භාවිතා කිරීමට නොහැකි වීම (විවිධ වෛරස නිසා, විදුලියේ සිදුවන බිදවැටීම් නිසා)

ඉදිරියේදී Memory Card සදහා වෙබ් ලිපි කීපයක්ම ලියන්නට සුදානමින් සිටින්නේ. රැදී සිටින්න අපිත් එක්ක.

    No comments:

    කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

    Powered by Blogger.