Ads Top





ආයුබෝවන් යාලුවනේ අද කියන්නේ අවේ මම පහුගිය ලිපියේ ඉතුරු කොටස ගැනයි.

පසුගිය ලිපියේ අපි කතා කලානේ මොකක්ද මේ Memory Card එක කියන්නේ කියල. එකේ වාසි අවැසි ගැනත් කතා කරා කට්ටියට මතක ඇතිනේ. එක කවුරු හෝ කියවල නැත්නම් මෙතනින් කියවල එන්න.

දැන් අපි කතා කරමු SD Card වල Size එක හෙවත් ප්‍රමාණය අනුව එකේ වර්ග ටික.

ප්‍රධාන වශයෙන් SD Card Size එක අනුව වර්ග තුනක් තියෙනවා. එනම්

i.   Standard SD Card -32 x 24 x 2.1-1.4mm
ii.  MiniSD Card - 21.5 x 20 x 1.4mm
iii. MicroSD Card - 15 x 11 x 1mm



රූප ටික දැකපු ගමන් ඔයාල පලවෙනි එකයි අන්තිම එකයි ඒ කිවේ Standard SD Card හා MicroSD Card එක අදුන ගන්න ඇති. නමුත් දෙවනි එක හෙවත් MiniSD Card එක හුරු පුරුදු නැතුවත් ඇති. මේ තමා ප්‍රධාන වශයෙන් Size එක අනුව SD Card හෙවත් Memory Card වෙන්වෙන විදිහ.


දැන් අපි බලමු SD Card එකක් ගත්තාම එකේ තියෙන විස්තර කියවන විදිහ
i. Micro SD Card - මේක අයිති වෙන කාණ්ඩය
ii. SanDisk Extreme PRO - මෙයාව හදල තියෙන්න සමාගම හා මෙයට දීල තියෙන නම.
iii. 64GB - ධාරිතාවය හෙවත් Capacity එක
iv. MicroSD XC - මේ තමා Capacity Standard එක. ප්‍රධාන කාණ්ඩ 4ක් තියෙනවා මේකේ. ඉස්සරහට කතා කරමු
v. V30 - Video Speed Class එක. එකත් වේගය හා සම්බන්ධ කාරණයක්
vi. I - UHS Bus Speed එක. ඉස්සරහට මේ ගැන කතා කරමු
vii. A2 - Application Performance Class. 
viii.[3] - මේක අයිති Speed Class එකට(ඉස්සර අපි කියනවා Class  10 එකේ චිප් එකක් ගන්න කියලා. හේතුව මෙතන තියෙනවා). මේකට කියන්නේ UHS Speed Class Rating කියලයි.

ඉහත සදහන් කරපු කොටස් 8 ගැනම ඉස්සරහ ලිපි වලින් විස්තරාත්මකව කතා කරමු. ලිපිය දිග්ගස්සන් නැතුව අදට මම නවතිනවා.. එහෙනම් අයෙත් මුණ ගැසෙමු. 

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.