Ads Top


ආයුබෝවන් යාලුවනේ. අද මම ලියන්න යන්නේ අද හැමෝගෙම අතේ නැතිවම බැරි උපන්ගයක අත්‍යවශ්‍යම දෙයක් ගැනයි.


Smart Phone නැතොත් ජංගම දුරකථනය අද ලෝකයේ ඕනෑම කෙනෙක් අතෙහි පවතින කාර්යබහුල උපකරණ වලින් ඉස්සරහින්ම ඉන්න එකක් කියල අපි හැමෝම පිළිගන්නවනේ. ඉතින් ඒ උපන්ගයට බලය දෙන්නේ අපි හැමෝම දන්නා Battery වලින් නේ. ඉතින් අද පොස්ට් එකෙන් මේ කතාව සිද්ද වෙන්නේ එක ගැනයි.

කොහොමද අපි මේ දුරකතනයට එන බැටරි එකේ ආයුකාලය වැඩි කරගන්නේ කියන ප්‍රධාන මාතෘකාව ඔස්සේ ඉස්සරහට යන්

01. Battery එකේ ආයු කාලය ගැන වැටහීමක් ලබාගැනීම.

ඔබ ඔබේ දුරකථනය ආරෝපණය හෙවත් Charge කරන සැම වාරයක් පාසාම ඔබේ බැටරියේ ආයුකාලය අඩු වේ. ඔබේ බැටරි එක 0% සිට 100% දක්වා සිදු කරන Phone Charge එකක්ම එක ආරෝපණ චක්‍රයක් ලෙස හදුන්වයි. සාමාන්යෙන් ආරෝපණ චක්‍ර 400 කට පසු ඔබේ දුරකතනයේ බට්ටේරි එකේ ආයුකාලය 100% සිට 80% දක්වා පහත බසිනු ඇත.  ඉන් පසු සිදුකරන සියලුම ආරෝපණ චක්‍ර අනුව වේගයෙන් ඔබේ දුරකතයේ බැටරි එකෙහි ආයුකාලය අඩුවේ. 

ඔබට හැකි නම් බැටරියේ ආරෝපණ චක්‍රය ප්‍රමාද කරමින් තබා යන්න ඔබගේ බැටරිය වැඩි අයුකලයකට ලග විය හැකිය. කොහොමද එක කරන්නේ. උදාහරණයක් විදිහට බැටරිය brightness අඩු කිරීම වැනි Energy Saver ක්‍රියා සිදු කිරීම.


02. අධික උණුසුම හා සිසිලස අවම කිරීම.
 
අපි හැමෝම දන්නවා ගේම් එකක් එහෙම ගහද්දි හෝ බර වැඩක් කරද්දී ෆෝන් එක රත්වෙන බව. වර්තමානයේ ගොඩක් දුරකථන සමාගම් මේ සදහා විවිධාකාරවූ උපක්‍රම හා තාක්ෂණික දේවල් නිර්මාණය කරමින් පවතිනවා. ඔබේ දුරකථනය තාපය සහිත (ඉර එලිය, ගින්දර වැනි) ස්ථාන වලින් ඈත් කර තැබීම වැදගත්. ඒ වගේම තම අධික සීතලද ඔබේ බැටරියේ ආයුකාලය අවම කිරීමට හේතුවක් වෙනවා.

03. දුරකථන සමගම විසින් ලබා දෙන හෝ නිෂ්පාදනය කරන දුරකථන Chargers භාවිතා කිරීම.

අද වන විට Fast Charging තාක්ෂනය බොහෝ සේ ඉස්සරහට පැමිණ තිබෙනවා. ඒ ඒ දුරකථන නිෂ්පාදන සමාගම් ඔවුන්ගේ දුරකථන සදහා ඒ තාක්එෂනයකතු කර එයටම ගැලපෙන දුරකථන Chargers ලබාදෙනවා හෝ ඔවුන්ගේ නාමය යටතේ ඒවා වෙළෙද පොලට නිකුත් කරනවා.  එවැනි Chargers ඔබේ දුරකථනය හා හොදින් ක්‍රියා කරන අතර. බහිරව නිෂ්පාදනය කරන Chargers ද නිර්මාණය වී වෙලේදපොලට් නිකුත් කරනු ඇත. නමුදු ඒවා ප්‍රමිතියකට යටත්ව ඇති නමුදු 100%කම අදාල දුරකථන සමාගම් වල ඇති දුරකථන හා ක්‍රියා නොකරනු ඇත. එම නිසා හැකි තාක් අදාල දුරකථන සමාගම් විසින් නිකුත් කරන දුරකථන Chargers භාවිතා කරන්න. 


04. ඔබේ බැටරිය 100% හෝ 0% දක්වා ආරෝපණය කිරීම හා අවම කිරීමෙන් වලකින්න.

වර්තමානයේ බොහොමයක් අය රාත්‍රියේදී දුරකථනය ආරෝපණය කරයි. එමගින් දුරකථනය සම්පුර්ණයෙන්ආ(100%) රෝපණය වී ඇති නමුත් තවත් අමතර පැයගණනාවක් දුරකථනය ප්‍රධාන විදුලිය හා  සම්බන්ද වී සිටි. එමෙන්ම සමහරු බැටරියේ ධාරිතාවය 0% දක්වාද භාවිතා කරයි.  බැටරි මතකය මේ සියල්ලම මතකයේ තබා ගනී. ඔබේ බැටරියේ ආයු කාලයට බලපෑම් කරන තදබල සාධනකයකි. ඉතින් සාමාන්යෙන් මේ පිළිබද විද්වතුන් පවසන අයුරින් ඔබගේ දුරකථනය 20% සිට 90% දක්වා ආරෝපණය කිරීමෙන් වැඩි ආයුකාලයක් ඔබේ දුරකථන බැටරියට ලබාගත හැකිය.  

05. හැකිතාක් දුරට ඔබේ දුරකතනයේ Screen Brightness එක අවමය හෝ Auto Mode එකේ තබාගන්න.

එමගින් ඔබේ බැටරියෙන් ලබාගන්න ධාරිතාවය කිසියම් හෝ ප්‍රමාණයකට පාලනය වීමක් සිදුවන අතර. එයද ආයු කාලය ට බලපායි.

06. Dark Mode භාවිතා කිරීම

අද වන විට බොහෝ දුරකථන හා App මගින් Dark Mode Theme හදුන්වා තියෙනවා. එමගින්ද ඔබේ දුරකතනයේ අවශ්‍ය ආලෝකය හැර අනිත් ස්ථාන අක්‍රියව පවතී. එම නිසා වැඩි කාලයක් ඔබේ ආරෝපණය භාවිතා කලහැකිය. 

07. අනවශ්‍ය Background හි Run වෙන App නවතා තබන්න හෝ ඉවත් කරන්න. 

සමහර App Open කර අදාල කාර්ය අප විසින් ඉටු කර පසුද ඒවා System එකේ run වේ. එම නිසා බැටරියට එම App එකටද ක්‍රියාකිරීමට බලයක් ලබා දීමට සිදුවේ. එම නිසා. අනවශ්‍ය background app ඇත්නම් අදාල කරන් පසු Force Stop කිරීමට වග බලාගන්න. System app එසේ නොකරන්න. අප විසින් Download කර Install කරන App පමණක් එය සිදු කරන්න.

අදට මේ ලිපිය ලියා අවසන් වෙනවා. එහෙනම් ඉහත සදහන් කරුණු ගැන හොදින් සැලකිලිමත් වෙලා අපේ දුරකතනයේ බැටරියේ ආයුකාලය වැඩි කරගන්න උත්සහ කරමු. එහෙනම් නැවත මුණ ගැසෙමු. 



1 comment:

  1. Caesar Casino | Shootercasino
    Caesar Casino. Experience a casino with tons of slots, table games and live 제왕 카지노 casino action. Join today and start winning!🏆 메리트 카지노 고객센터 Caesar Casino: หารายได้เสริม Claim Bonus💻 Welcome Bonus: 100% up to €50💲 Minimum Deposit: €10

    ReplyDelete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.