Ads Top

පරිගණකයේ ලෙඩ හදුනා ගන්න අපිටත් පුළුවන්.....

කෙදිරිලි හෙවත් "බීප්" හද මගින් පරිගණකයේ ලෙඩ(දෝෂ) හදුනා ගැනීම 

පරිගණකයක් ක්‍රියාත්මක වන විට නැගෙන "බීප් " හැදින් එහි දෝෂ හදුනා ගැනීම...





සාමාන්යෙන් හොදින් ක්‍රියාත්මක වන පරිගණකයක් ක්‍රියාත්මක කල සැනින්ම එයින් "බීප්" හඩක් නැගේ.. එය ඇසෙන්නේ මවුපුවරුවේ (Motherboard) තුල සම්බන්දිත කුඩා ස්පීකරයක් මගිනි.. ඕනෑම පරිගණකයක් අරඹ වීමේදී මුලින්ම මවුපුවරුවේ  ඇති බයෝස් (Bios- Basic Input/Output System )  වැඩසටහන ක්‍රියාත්මක වේ.. මෙම වැඩසටහන මවුපුවරුවේ ඇති චිපයක් තුල අඩංගු වී ඇත.. මෙහි ප්‍රදාන කරය වනුයේ පොස්ට් (Post- Power On Self  Test) ලෙස හදුන්වන ක්‍රියාවලිය මෙහෙය වීමයි.. මෙම ක්‍රියාවලිය වන්නේ 
  1. බයෝස්(Bios) වැඩසටහන ස්වයං පරීක්ෂණයට භාජනය කරවීම..
  2. පරිගණකය සතු ප්‍රධාන මතකය පරික්ෂා කරවීම..
  3. මවුපුවරුව මත පිහිටි දත්ත සම්ප්‍රක්ෂණ මාර්ග ගෙවත් බස් ලයින්(Bus Lines) හදුනා ගැනීම හා පරික්ෂාව..
  4. මුලික දර්ශන තිර ලබාදීම..
  5. පරිගණකය බුට් (Boot) කරවීම..
  6. සවි කර ඇති උපාංග හදුනාගැනීම..
  7. මෙහෙයුම් පද්ධතිය (Operating System) ධාවනය කිරීමට අවශ්‍ය පසුබිම සකසාදීම..
මෙම ක්‍රියාවලිය සිදුවන කාලයේදී යම් දෝෂයක් පරිගණකයේ ඇත්නම් තනි "බීප්" හද වෙනුවට බීප් හඩවල් කිහිපවතාවක්  නිකුත් වීම හෝ නිකුත් නොවීම..
මෙසේ නිකුත් වන රටාවට අනුව පරිගණකයේ ඇති මුලික උපාංග වල ල දෝෂ හදුනා ගත හැකිය(Motherboard, Processor, RAM, Display Adapter)..


 



මෙසේ දෝෂ සහිත අවශ්තාවල ලැබෙන "බීප්" නාදයේ වර ගන්න මවුපුවරුව මත ඇති බයෝස් චිපය මත වෙනස් වේ..
මෙම "බීප්" හද දීර්ඝ වගන් හා සියුම්ව විමසා  බැලීම සදහා වගු හා උපදෙස් මල තිබේ.. පළපුරුදු කාර්මිකයෝ ඒවා බවිත කරනු ලබයි.. එහෙත් සාමාන්‍ය පරිගණක භාවිත කරන්නන්ට තම පරිගණකයේ දෝෂ "බීප් " හද රටාව මගින් සොයාගත හැකිය..

පහත දක්වා ඇත්තේ අයිබිඑම් (IBM)  පරිගණකවල ලැබෙන "බීප්" හද අනුව පෙන්වන දෝෂ සටහනකි..

  •  කෙටි බීප් හඩ - පද්ධතියේ දෝෂ නැත..
  • කෙටි බීප් හඩ දෙක - පොස්ට්/ සිමොස් (POST/ CMOS) හි දෝෂයක් එම දෝෂය පෙන්වන දෝෂ කේතය හෙවත් එරෝ කෝඩ් (Error Code) එකක් තිරයේ දිස්  වේ එම කෝඩ් එක අනුව දෝෂය තීරණය කල හැකිය.. මේ ඉන් කිහිපයක්  
  1. 100 to 199        - System Board 
  2. 200 to 299        - Memory
  3. 300 to 399        - keyboard
  4. 400 to 499        - Monochrome Display
  5. 700 to 799        - Math  Coprocessor
  6. 900 to 999        - Parallel Printer Port
  7. 1000 to 1099    - Alternate Printer Adapter
  8. 1100 to 1299    - Asynchronous Communication Devices, Adapter or Port
  9. 1300 to 1399    - Game Port
  10. 1400 to 1499    - Color/Graphics Printer
  11. 1500 to 1599    - Synchronous Communication Devices, Adapter or Port
  12. 1800 to 1899    - Expansion Unit (XT)
  13. 2000 to 2199    - Bisychronous Communication Adapter
  14. 2400 to 2599    - EGA System Board Video (MCA) 
  15. 3000 to 3199    - LAN Adapter
  16. 4800 to 4999    - Internal Modern 
  17. 7000 to 7099    -  Phoenix BIOS Chips
  18. 7300 to 7399    - 3.5 inch Disk Drive
  19. 8900 to 8999    - Mini Adapter
  20. 11200 to 11299- SCSI Adapter   

  • බීප් හඩ නැත - බල සැපයුමේ හෝ මවුපුවරුවේ දෝෂයක්..
  • නොනවතින බීප් හඩ- බල සැපයුමේ හෝ මවුපුවරුවේ හෝ යතුරු පුවරුවේ දෝෂයක්..
  • නැවත නැවත මතුවන කෙටි බීප් හඩ- මතකය පිළිබද දෝෂයක් ..
  • එක දිග බීප් හඩක් හා එක කෙටි බීප් හඩක්-  මවුපුවරුවේ දෝෂයක් ..
  • එක දිග බීප් හඩක් හා කෙටි හඩවල් දෙකක් - Display Adapterදෝෂයක් ..
  • එක දිග බීප් හඩක් හා කෙටි බීප් හඩවල් තුනක් - Graphic Adapter දෝෂයක් ..
  • දිගු බීප් හඩ තුනක් - යතුරුපුවරුවේ දෝෂයක් ..
  • නොවතින උස පහත හැදින් යුතු බීප් හඩ -  Processor    අධික ලෙස රත් වී දෝෂ ගෙන දෙන බවයි..
මෙම උපදේශ මගින් ඔබගේ පරිගණකයේ දෝෂ ඔබටම හදුනා ගත හැකිවනු බව ස්ථිරයි... 
වැඩි විස්තර සදහා පිවිසෙන්න Click
ඉතින් මේ ලිපිය හොද නම් ඔබ අදහස මට දන්වා  යන්න.. මීලග ලිපිය ලගදීම බලාපොරොත්තුවන්න..........

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.