Ads Top

මවුබිමේ රණවිරුවන්ව නැවත සිහිපත් කරමු......(Never Forget Our Hero)

ආයුබෝවන්  යාලුවනේ කොහොමද ඉතින්..... අද මට ටිකක් වෙනස්ම සිතුවිල්ලක් ආවා.. අපේ රට රැක ගත් කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් නිසදැසක්  ලියන්න.. ඉතින් අද මම ඔයාලට දෙන්නේ එකයි... අපේ කොල්ලෝ කෙල්ලෝ බොහොම කැප කිරීම් කරලා ලබා දුන් මේ නිදහස අපි මියන තුරා රැක ගන්න ඕනා.. එක තමා අපේ යුතුකම කියවලා ඔයාලගේ අදහසුත් මෙකට දන්නා... ඔයාලාටත් මෙවැනි හැකියාවන් තියෙනවා නම් ඒවා මට එවන්න මම ඒවා හොද නරක බලලා දාන්නම්...








මවකගේ ආදරණිය මවුකුසෙන් උපන්..
සැපවත් ජීවිතයක සිට කටුක ජීවිතයකට..
ගමන කල ඒ සුන්දර තරුණයා ඔබයි..
තල් ගස් අරණේ සෙවණ ලබමින්..
විවිධ දුක්ගැහැට විද රට රැකගන්නා..
එඩිතර වීර සෙබලා ඔබයි..
ලක් මවුගේ ජීවනය ද...
ලක්වැසියන්ගේ ජිවිත රැකගත්..
සුහද මිතුරා ඔබයි..
අහස කුසේ තම බල තේජස පැතුරු..
ඒ විශ්මිත වීරයා ඔබයි..
රට වට බැදී සයුර රැකගත්..
ධෛර්යවන්ත සෙබලා ඔබමයි..
දේශගුණ විපර්යාසවලට යටත් නොවූ.. 
තම බල මහිමය ලක්මවු පුරා පැතිරු..
ශක්තිමත් වීරයා ඔබමයි..
මේ තුන් තේජස බලයෙන්..
මෙලොව විශ්මයට පත් කල..
අත්මාභිමන සොයුරා ඔබමයි..
වෙන් වී තිබු සිහල,මුස්ලින්, දමිල...
සහෝදරයින් එක්කල දයාවන්න මිතුරා ඔබයි..
ලක්මවුගේ ලක්දරුවන් ලෙස...
වදිමි හිස නමා කල ඒ අපිරිමිත සේවයට..
ජය වී නිතිපතා අපගේ සොයුරු රණවිරුවන්ට..............   



නිසදැස් රචනය- දර්ශමාල් දුෂ්මන්ත...

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.