Ads Top

නැගෙනහිර පළාතේ සංචාරයට වඩාත් ගැලපෙන ස්ථාන 10



ආයුබෝවන් යාලුවනේ.. මගේ මවුබිම ගැන ලිය 
සයවන ලිපිය මෙන්න..



මේ ලෝකයේ සොබාව සෞන්දර්යෙන් වාසනාවන්ත රට වෙන්නේ මේ මහා පොළොවයි. සරලව කිවොත් "ශ්‍රී ලංකාවයි". නමුත් අපි අවාසනාවන්තයි එහි පාලනය කරන උන් නුගතුන් වීම ගැන. 

මේ රට දියුණු කරන්න බැරි හෝ බැ කියන අය නුගතුන් බව මනාව පැහැදිලි. හරි දැන් ලිපියට එමු. මෙන්න මම පසුගිය කාලේ ලිව ලිපි ටික..

නැගෙනහිර පළාත ගැන කෙටියෙන්.
                             නැගෙනහිර පළාත දිස්ත්‍රික්ක තුනකින් සමන්විත ආකර්ශනීය ස්ථාන රැසකින් සමන්විත පළාතකි. අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය එහි දිස්ත්‍රික්ක වන අතර ප්‍රධාන දිස්ත්‍රික්කය වන්නේ ත්‍රිකුණාමලය. මෙම පළාතේ විශාලත්වය වර්ග කිලෝමීටර 9,996 කි.

01. නිලාවේලි මුහුදු තිරය

නිළාවේලි කිව ගමන් අපි හැමෝම දන්නවා මේ මොකක්ද කියලා. මෙය ජෛව විවිධත්වයෙන් අතිශය වැදගත් මුහුදු තිරයක් වන අතර. වර්තමානය වන විට සංචාරක ආකර්ෂණය නොමදව ලැබෙන ස්ථානයකි.නැගෙනහිර පළාතට යන ඔබ අනිවාර්යෙන්ම යා යුතු තැනකි.. 

02. කොනේශ්වරම් දේවාලය

හින්දු ජනයාගේ පුජනිය වූ භූමියක් වන අතර මෙයට ඉතා විශාල ඈත අතීතයක් සහිත ඉතිහාසයක් පවතී. මෙය ශිව දෙවියන්ට සදහා තනන ලද පුජා භූමියක් වන අතර වර්තමානයේ සංචාරකයින් රැසකගේ ආකර්ෂණය හිමි වී ඇත. 

03. අරුගම්බේ මුහුදු තිරය 

ශ්‍රී ලංකාවේ පවතින් හොදම සර්ෆ් කිරීමට භාවිතා කරන මුහුදු තීරයයි. පසුගිය 2004 වර්ෂයේදී ජාත්‍යන්තර සර්ෆින් සංගමය විසින් පළමු ජාත්‍යන්තර සර්ෆින් තරගය පවත්වන ලදී. මෙය සර්ෆින් ක්‍රීඩාව කරන අයගේ පාරාදීසයකි ඔබද උත්සහ කල යුතුම ක්‍රීඩාවකි. 

04. පරවී දුපත


විශාලත්වයෙන් හෙකටයාර් 471.4 වන අතර මෙය ශ්‍රී ලංකාවේ තියෙන සමුද්‍රීය උද්‍යාන දෙක අතරින් එකකි. නිලාවේලි වෙරළට කිලෝමීටර එකක් පමණ දුරින් පිහිටි මෙය ලංකාවේ දැනට පවතින හොදම කොරල්පර රැසකින් සමන්විත වේ. පරවී දුපත අභයභූමියක් ලෙස 1963 දී නම් කරන අතර 2003 දී එය ජාතික උද්යනක් ලෙස නම් කරන ලදී. 

05. උණුවතුර ළිං

නැගෙනහිර පළාතට ගිහින් උණුවතුර ලිදකින් නාගන් නැතුව අවොතින් ඉතින් ඒ ගමන සම්පුර්ණ වෙන් නැති බව ගොඩක් දෙනෙක් දන්නවා. ඉතින් මේ වගේ අත්දැකීමක් ගන්න පුළුවන් ඔබට නැගෙනහිර පළාතේ සංචාරය කලොත්. 

06. ත්‍රිකුණාමලය ස්වභාවික වරාය.

ශ්‍රී ලංකාවේ අපිට තියෙන අතිශය වැදගත්ම ස්ථානයකි. මෙය ස්වභාවික වරායකි. මෙය ඉන්දියන් සාගරයේ පිහිටි උපාය මාර්ගික වශයෙන් වැදගත්ම ස්ථානයකි.  මේ විදිහේ දේවල් වලින් පරිපුර්ණ රටක් තමා මේ රට. 

07. කන්තලේ වැව

දෙවන් අග්බෝ රජුගේ නිර්මාණයක් වන මෙය දැනට ජාල ධාරිතාව වන අක්කර ආදී 114,000කින් සමන් විතයි. අතිශය චමත්කාර දසුනක් සමගින් ශ්‍රී ලංකා වාරිමාර්ග කර්මාන්තයේ ඉහල පෙලේ නිර්මාණයකි. නැගෙනහිර පළාතේ සංචාරය කරන අඔබ කන්තලේ වැවෙන් නාගෙන එන්නත් අමතක නොකරන්න. 

08. මඩකලපුව ප්‍රදීපාගාරය.

1913 වසරේදී නිර්මාණය කරන ලද මෙය පළමීන්මඩු මෝය අසලට වන්නට පිහිට ඇත. මෙය උසින් මීටර 28 කි. 

09. ලාහුගල කිතුලානා ජාතික උද්‍යානය 

ලාහුගල කිතුලානා ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික උද්‍යානවලින් එකකි. භූමි ප්‍රදේශය තිබියදීත්, මෙම උද්‍යානය ශ්‍රී ලංකාවේ අලි සහ ආවේණික පක්ෂීන් සඳහා වැදගත් වාසස්ථානයකි. 1966 ජුලි 1 මසදී මෙය වනජීවී අභයභූමියක් ලෙස නම කල අතර පසුව 1980 ඔක්තෝම්බර් 31 වන දින ජාතික උද්‍යානයක් ලෙස නම් කරන ලදී. 



10. කින්නියා පාලම

කින්නියා පාලම යනු ශ්‍රී ලංකාවේ දිගම පාලම වන අතර එහි දිග මීටර් 396 (අඩි 1,299) කි. [1] එය කොඩියාර් බොක්ක සහ තම්බලගම් බොක්කෙන් වට වූ කලපුව යා කරන පාලමයි. ජනාදිපති මහින්ද රාජපක්ෂ මහතා 2009 ඔක්තෝබර් 20 වන දින මෙය ජනතා අයිතිය භාර දුනි. 


ඉතින් යාලුවනේ තව ලිපි තුනකින් පළාත් වල සුන්දර ස්ථාන පිළිබද ලිපි මාලාව අවසන් වෙනවා. එහෙනම් යලිත් මුණ ගැසීමේ බලාපොරොත්තුවෙන් සමු ගනිමි.


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.