Ads Top

My Iceland Love Story - අයිස්ලන්තය හා මගේ ආදර කතාව - Part 14 (Northern Lights)

ආයුබෝවන් යාලුවනේ. අද මම කියන්න යන්නේ මිට ගොඩක් කාලෙකට කලින් කියන්න ඕන උන දෙයක්. කොහොම හරි අද එක ඔයාට කියනවා..

අයිස්ලන්තයේ සුන්දරත්වය එක්ක බැදුණු දෙයක් තමා උත්තරාලෝකය හෙවත් "Northern Lights" එහෙමත් නම් අපි ඒවාට කියනවා Aurora කියලා. හැමෝම දන්නවා ඇතිනේ මොකක්ද කියලා. දැකලත් ඇති රුප වලින්. නමුත් මේවා හැදෙන්නේ කොහොමද ? අන්න ඒ ප්‍රශ්නෙට විසදුම මෙන්න මෙතන තියෙනවා..

විද්‍යාව හා බැදුණු වීඩියෝ රැසක් කරපු හා කරමින් පවතින දැනට ඒ විෂයන්හි කැමැත්ත දක්වන අය ඔහුව හොදින්ම හදුන්වන ඔහු නමින් "මලින්ද අලහකෝන්". ඔහු විසින් නිර්මාණය කරපු වීඩියෝ එකක් තමා මෙක. ඇයි මම මේක මගේ පොස්ට් වලට දාන්නේ. අයිස්ලන්තය එක්ක ලිපි ලියනකොට Northern Light ගැන නොකියන පොස්ට් එකක් නොතිබ්බොත් එක ලොකු අඩුපාඩුවක්. ඉතින් මේ පොස්ට් එකේ මලින්ද අයියා කියූ දේ සරල විස්තරයක් ලියනවා.. නමුත් මේක 100% රුප රාමු එක්ක බලන්න පුළුවන්. මලින්ද අයියගේ වීඩියෝ එකද මේ සමග ඇමුණුමක් කරනවා.. එහෙනම් පටාන් ගමු..

මොකක්ද මේ Northern Lights කියන්නේ ?
අපි හැමෝම දන්නවා අපේ අපේ ග්‍රහමණ්ඩලයේ ප්‍රධානියා වෙන්නේ අපේ සුර්යා. ඔහුගෙන් නිකුත් කරන ආලෝක කිරණ නිසා අපි හැමෝටම දහලව විදීමේ අවස්ථාව ලැබෙනවා. ඒ කිරණ සමග සුර්ය ගිනිදැල් ද නිකුත් වෙනවා. ඒ ගිනිදැල් කෙලින්ම අපේ ග්‍රහලෝකයට එන එක අපේ ජීවයට අහිතකරයි.මෙහෙම හිතන්න.

ඔයාලා වොට් 1000 බල්බ් එකක් ඉස්සරහා පැයක් විතර හිටියෝතින් ඔයාගේ මුනට මොනවා වෙයිද ? අන්න ඒ වගේ සිදුවීමක් වෙන්නේ. නමුත් අපේ වාසනාවට අපේ පෘථිවිය අර එන ගිනිදැල් වලට බය නැ. අපිට තියෙනවා අපේම කියලා චුම්භක ක්ෂේත්‍රයන්. එම නිසා අර එන සියලුම ගිනිදැල් අර චුම්බක ක්ෂේත්‍ර පසු කරලයි අපි ලගට එන්න ඕනේ. ඉතින් එහෙම එද්දී බොහෝ දුරට එහි ශක්තිය අඩු වෙනවා. 



නමුත් ඒ ශක්තියකින් කුඩා ප්‍රමාණයක් අපේ උත්තරත්ද්‍රවයටත්, දක්ෂිනත් ද්‍රවයටත් ලගා වෙනවා. පසුව ඒ සුර්ය ගිනි දැල් අපේ වායු එක්ක ගැටිලා එහි ශක්තිය වැඩි කරනවා. ඒ සිදු උන ක්‍රියාදාමය නිසා ඇති වෙන දේ නිකන් වෙන්නේ ප්‍රෝටෝන විදිහට. සරල විදිහට කිවොත් ආලෝකය විදිහට. අන්න එහෙමයි අපිට මේ Northern Light දකින්න පුළුවන් වෙන්නේ. 

තව දෙයක් තියෙනවා. අපි එක එක වර්ණයන් වල Aurora දැකලා තියෙනවනේ. ඉතින් එහෙම වෙන්නත් හේතුවක් තියෙනවා. පහත තියෙන වායුන් හා ගැටුනම තමා ඒ ආලෝකයන් නිර්මාණය වෙන්නේ. 

ඔක්සිජන් හා සුර්ය ගිනිදැල් ගැටුන විට එයින් නිරුපනය වෙන්නේ කොළ පාට හෝ ලා කොළ පාටට හුරුයි.



ඉහලම ස්තරව වල තියෙන ඔක්සිජන් ඕසෝන් වල ගැටුණු විට රතු පාටට හුරු Aurora දැක ගන්න පුළුවන්. (කලාතුරකින් සිදු වෙන්නේ මේක)



නයිට්‍රජන් වල වැදුනම දම් පාටක් නිල් පාටක් සමගම කොළ පාටක් තමා අපිට පෙන්නේ. 



මේක ඇත්තටම හිත සන්සුන් කරන සුන්දරම දසුනක්. Aurora Forecast එක ගැන බලන්න පුළුවන් පහතින් සදහන් කරලා තියෙන වෙබ් අඩවි වලින්.. 

Iceland Aurora Forecast  
International Aurora Forecast

මගෙත් තියෙන ලොකුම ආසාවක් තමයි ඉතින්. බලමු දවසක ඉටු උන දාට මේ වෙබ් අඩවියේම මන් ඒ ගැන මගේ ලිපිය ලියන්නම්.

මේ තියෙන්නේ Northern Lights ගැන මලින්ද අයියා කරපු වීඩියෝ එක. අනිවාර්යෙන්ම බලන්න. සවිස්තරාත්මකයි. 


එහෙනම් නැවතත් මුණ ගැහීමේ බලාපොරොත්තුවෙන් සමු ගනිමි. ලිපිය කියවූ ඔබට ස්තුතියි. 

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.