Ads Top





ආයුබෝවන් යාලුවනේ. පහුගිය ලිපි ටිකේ අපි කතා කරපු SD Card වල ඉතුරු විස්තර ටික ගැනයි. 




පහුගිය ලිපියෙන් අපි කතා කරනේ කොහොමද SD card එකක තියෙන විස්තර හදුන ගන්න විදිහ. දැන් අපි ඒ ප්‍රධාන කොටස් 8 සවිස්තරාත්මකව හදුනා ගමු. කලින් ලිපි කියවුයේ නැත්නම් පහතින් බලන්න පුළුවන්.

මොකක්ද මේ Memory Card හෙවත් SD Card කියන්නේ ?


එහෙනම් අපි දැන් කතා කරමු මේ පුංචි උපකරණය ගැන.

i. SD Card හෙවත් Memory Card වර්ග

මේ ගැන අපි දෙවැනි ලිපියෙනුත් සදහන් කරා. ප්‍රධාන වර්ග 3 තියෙන බව. එනම් 
01. Standard SD Card
02. Mini SD Card
03. Micro SD Card

ii. ප්‍රධාන වශයෙන් SD Card හදන ආයතන 

01. SandDisk 
02. Transcend 
03. Kingston
04. Sony 
05. Samsung
06. Lexar

iii. ධාරිතාවය හෙවත් Capacity එක

සාමාන්යෙන් මුල් කාලයේ ඉදන් මෙගාබයිට් 128 සිට SD Card වර්ග භාවිතා උනා. නමුත් වර්තමානයේ මෙය ඉතාම විශාල ධාරිතා මට්ටම් වල SD Card භාවිතා වෙනවා. වර්තමානයේ භාවිතා වෙන SD Cardඅතර 

01. 1GB හා 2GB හා 4GB  හා 8GB ඇත
02. 16 GB
03. 32 GB
04. 64 GB
05. 128 GB
06. 1 TB දක්වා හදුන්වා දිය හැකිය. ඉදිරියේදී මේවා වැඩි විය හැකිය.


iv. Capacity Standard

පසුගිය ලිපියෙන් මම කිවා මතක ඇති ප්‍රධාන වශයෙන් Capacity Standard 4ක් තියෙනවා කියලා. පහත තියෙන්නේ ඒ ටිකයි. 

01. SD Standard 
02. SDHC Standard 
03. SDXC Standard
04. SDUC Standard

මේ Standard 4 සදහා වෙනස් වූ File System හා ධාරිතා මට්ටමද පවතිනවා. දැන් අපි ඒ ගැන එකින් එක කතා කරමු

01. SD Standard 

මෙන්න මේ Logo එක තමයි SD Standard සදහා භාවිතා වෙන්නේ. එමෙන්ම මෙහි ධාරිතාව පටන් ගන්නේ කුඩාම ප්‍රමාණයේ සිට 2GB දක්වා පමණක් වන අතර FAT 12 හා FAT 16  යන File System යටතේ සිටි. මොකක්ද මේ File System එකක් කියන්නේ. අන්න එකට විස්තරාත්මක දැනුම මෙන්න මෙතනින් - Click Here


02. SDHC Standard (SD High Capacity)

මේ කාණ්ඩයේ SD CARD සදහා භාවිතා වෙන LOGO එක තමයි මේ. සරලව කිවොත් කලින් කතා කරපු SD Standard  එකට වඩා මෙහි ධාරිතාව වැඩි. එනම් 4GB සිට 32GB දක්වා ප්‍රමාණයකි. මෙය ක්‍රියාත්මක වෙන්නේ FAT 32 නම් File System එක මතයි. 

03. SDXC Standard (SD Extended Capacity)

තුන්වන කාණ්ඩය වන මෙහි logo  එක වනුයේ මෙයයි. මෙහි Capacity මට්ටම් වනුයේ 64GB සිට  2TB  දක්වා ප්‍රමාණයකි. මෙහි භාවිතා වෙන File System එක වන්නේ exFAT වේ. මෙහි භාවිතා වෙන්නේ වෙනස් වූ File Systemඑකක් නිසා මිට කලින් තියෙන Standard දෙක අඩංගු උපකරණ හා සුදුසු ලෙසින් වැඩ කිරීමට නොහැකි වෙයි. නමුත් 2010 පසු නිර්මාණය වූ බොහෝ උපකරණ SDXC හා අනුකුලව වැඩ කිරීමේ හැකියාව සකසා ඇත.

(2008 පෙර නිර්මාණය වූ ලැප්ටොප් පරිගණකයන්හි Internal card readers මේ නව File System එකට අනුව නිර්මාණය වූ SD Card සහය නොදක්වයි. නමුත් ඔබේ මෙහෙයුම් පද්ධතිය exFAT සදහා සහය දක්වන්නේ නම් මෙම SDXC CARD වර්ගයද සහය දක්වනු ලැබේ. වර්තමානයේ මේය ගැටළුවක් නොවේ.)

04. SDUC Standard (SD card Ultra Capacity) 

හතරවන Standard වර්ගය වන මෙහි logo එක වනුයේ මෙයයි. මෙහි ධාරිතා මට්ටම් වනුයේ 2TB සිට 12TB දක්වා වේ.  මෙහි ක්‍රියාත්මක වෙන්නේ SDXC card වල භාවිතා කරන exFAT File System එකයි. 
FAT හා exFAT ගැන වැඩිදුර හදුනා ගන්න මෙතනින්

ඉතුරු කොටස් 4 ඊලග ලිපියෙන් බලාපොරොත්තු වෙන්න. 

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.