Ads Top




ආයුබෝවන් යාලුවනේ පසුගිය ලිපි වල ලියවුන SD Card ගැන ඉතුරු ලිපිය අද බලාපොරොත්තු වන්න

දැන් ඔයාලා දන්නවා ඇති SD Card එකක් කියන්නේ මොකක්ද කියලත්, එකේ Standard ගැනත්. තව විස්තර ටිකක් තියෙනවා කියන්න මේ ලිපිය ඒ ගැනයි. එහෙනම් නවත්තපු තැනෙ සිට පටන් ගමු.

පසුගිය ලිපි මෙතනින් බලන්න 





v. Speed Class

කිසියම් හෝ වීඩියෝ පටිගත කරන උපකරණයක් තම උපකරණයේ High Quality තත්වයේ Video එකක් පටිගත කරමින් එය ගබඩා කරමින් සිටින අවස්ථාවකදී උපකරණය හා ගබඩා කරන උපකරණය (Storage Device) එක අතර දත්ත ලබාදීම හා ලබාගැනීමේ වේගය ගැනයි මේ කොටසින් හදුන්වන්නේ. ප්‍රධාන වශයෙන් මෙය වර්තමානයේදී ප්‍රමිතීන් 3 කැට වෙන් කර ඇත. එනම් 

01. Speed Class 
02. UHS Speed Class  
03. Video Speed Class(New)

පසුගිය ලිපියෙන් අපි කතා කරපු Capacity Standard අනුව ඒවා අයිති වන Speed Class වර්ග කරන්නේ මෙහෙමයි. 


උදාහරණයක් විදිහට ඔබ 8k Quality එකෙන් Video පටිගත කරන පුද්ගලයෙක් නම් ඔබගේ SD Card එකේ Data Transfer Speed එක අවම වශයෙන් V30  වත් විය යුතුය. නමුත් ඔබ භාවිතා කරන්නේ V90 කාණ්ඩයට අයත් SD කාර්ඩ් එකක් නම් ඔබගේ උපකරණය සමග පහසුවෙන් ඔබගේ පටිගත කිරීම් කිරීමේ පහසුකම ඇත. 

(ඔබ Class 10 SD Card එකක් හා v30 ගනයේ 32GB SD Card එකක් මිලදී ගතහොත්. v30 හි මිල වැඩි අගයක් ගනී. එකම Capacity ප්‍රමාණය උවද v30 හි Quality එක හා Transfer Speed එක ඉහල අගයක් වන බැවිනි)

vi. UHS BuS Speed

මෙයත් Data Transfer Speed එක සම්බන්ධ ප්‍රමිතියකි. ප්‍රධාන වශයෙන් මෙහි වර්ග 3 ඇත. එනම් 

01. UHS-I
02. UHS-II
03. UHS-III


ඉහත රුපයෙන් ඔබට මෙය මනාව තෙරුන් ගන්න පුළුවන්. කුමන Capacity Standard සදහාද මෙය භාවිතා වන්නේ හා එක එක UHS සදහා කොපමණ වේගයකින් දත්ත සම්ප්‍රේෂණය කරන්න පුලුවන්ද කියලා. (තාක්ෂනය අනුවද වෙනස් වේ.උදාහරණ- UHS-I සදහා වේග තාක්ෂණ 4ක් ඇත.)

vii. Application Performance Class

මෙයත් වේගය හා සබැදි  කොටසකි. උදාහරනයක් විදිහට Memory Card එකක් කියන්නේ Phone එකට නැතුවම බැරි උන කාලයක්ව පැවතුනා. (වර්තමානයේ නම් මෙය ගැටළුවක් නොවේ. දැන් එන ගොඩක් Phone වල Storage එක 32GB, 64GB, 128GB වූ බැවින්)  Phone එකේ මතක ධාරිතාව වැඩි කිරීම උදෙසා භාවිතා කරන SD Card එකෙහි Read & Write වේගය පිළිබද හදපු ප්‍රමිතියක් කිවොත් නිවැරදි. මෙහි වර්ග 2ක් ඇත. එනම් 

01. Class 1 (A1)* - Photo, Video, Music පහසුවෙන් ගබඩා කල හැකිය
02. Class 2 (A2)** - අදාල උපකරණයේ Software මයා තොරතුරු ගබඩාකිරීමට වැඩි උදව්වක් ලබා දෙයි. උදාහරණ - Command Queuing and Cache වැනි දෑ.

(IOPS යනු Input/Output Operations Per Second, තප්පරයට ආදානය ප්‍රතිධානය කරන මෙහෙයුම් ගණන) පහත වගුවෙන් මේ ප්‍රමිතීන් ගැන වට 

viii. UHS Speed Class Rating

මේක අපි මේ ලිපියේ මුලින්ම කතා කරපු Speed Class එක හා රැදී පවතී. ඉතින් වැඩි දුර තෙරුන් ගන්නටත්, මේ ප්‍රමිතීන් නිර්මාණය උන කාලය ගැනත් දැනගන්න පුළුවන් මේ පහත තියෙන පින්තුරයෙන්.

එහෙනම් සම්පුර්ණ SD Card එකක් හෙවත් Memory Card එකක තියෙන විස්තර ඔයාලට තෙරුන් ගැනීමේ හැකියාව තියෙනවා. ඉස්සරහට අපි කතා කරමු SD Card එකක් ගන්න කලින් අනිවාර්යෙන්ම දැනගන්න ඕන දේවල් හා ඔයාගේ අවශ්‍යතාවය සපුරා ගන්න විදිහ ගැනත්. එහෙනම් අයෙත් මුණ ගැසෙමු. 

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.