Ads Top

කොරෝනා වෛරසය හා අප - Covid-19 පැතිරෙන ආකාරය හා එම සතුරා පරාජය කර විනාස කිරීම


ආයුබෝවන් යාලුවනේ අද ලියන්නේ ලෝකෙටම අභියෝගයක් වෙලා තියෙන කොරෝනා වෛරසය ගැන ලියන හතරවන ලිපිය. 



මිට කලින් කොරෝනා වෛරසය ගැන ලිව පොස්ට් බලන්න මෙතනින්

කොරෝනා වෛරසය හා අප - පෘතිවිවාසින්ට අභියෝග කරන Covid-19
කොරෝනා වෛරසය හා අප - Covid19 සතුරාගේ ක්‍රියාකාරිත්වය හා හැසිරීම
කොරෝනා වෛරසය හා අප - වෛරසයට අභියෝග කරන Super Hero වන ප්‍රතිශක්තිකරණය

ලෝකෙටම අභියෝගයක් වෙලා තියෙන මේ කුඩා අංශුවට තව නිශ්චිතව ගැලපෙන බේතක් හෙවත් Vaccine එකක් සොයගාගෙන නොමැති හෙයින් අපිට තියෙන හොදම ප්‍රබලම බර අවිය වෙන්නේ අපේ ප්‍රතිෂක්තිකරනයි. යම් කිසි කාලයක් එයට ලබා දුන්නොත්, එය විසින්ම මෙය මැඩගෙන ඔබව නිරෝගී කරනවා සත්තයි. එහෙත් පහත සදහන් හේතුන් නිසා අපිට මෙය වේගවත් කරන්නට සිදුවෙනවා.

i. ප්‍රතිශක්තිකරණය අඩු රෝගීන් සිටීම
ii. කොරෝනා වෛරසයේ පැතිරීම වේගවත් බැවින්, සීමිත සෞඛ්‍ය පහසුකම් පැවතීම.
iii.  රෝගීන් පැතිරීම වේගවත් වීම 

දැන් අපි කතා කරමු මේ ලිපියේ ඉදිරි කොටස් ගැන.

01. කොරෝනා වෛරසයෙන් ජයගත් පුද්ගලයකුගේ අනාගතය
02. කොරෝනා වෛරසයේ පැතිරීමේ වේගය
03. ලංකාවේ අපි දැන් මොනවද කරන්න ඕනේ ? 


01. කොරෝනා වෛරසයෙන් ජයගත් පුද්ගලයකුගේ අනාගතය

තමන්ගේ ප්‍රතිශක්තිකරණයෙන් තමාව ආරක්ෂා කර සුවපත් කරපු අයෙක් වේද ඔහුද තවදුරටත් ආරක්ෂා විය යුතුවේ. මන්දයක්. සතිගානක් ඔහුගේ ප්‍රතිශක්තිය කොරෝනා වෛරසය සමග සටන් කර තමන්ගේ මුළු ශක්තියම ඒ සදහා ලබා දී ඇති නිසා යම් තාක් දුරකට එය දුබල මට්ටමක සිටි. 
එම නිසා වෙනත් බැක්ටේරියා වර්ග අපේ ඇගට ඇතුල් වෙන්නත් හෝ කොරෝනා වෛරසයම වෙනත් කෙනෙකුගෙන් නැවත ඔබට අසාදනය වීමේ හැකියාවද පවති. එම නිසා ඕනෑම අවස්තාවකදී (කොරෝනා හෝ වෙනත්) තමා සුව වූ පසු නැවත තමන්ගේ ප්‍රතිශක්තිකරණය ශක්තිමත් වීම සදහා අවශ්‍ය කරන කාලය, ආහාර වර්ග, පිරිසිදු වාතය වැනි දේවල් ලබාගනීමට කටයුතු කරන්න. කොයි මොහොතකදිවත් කොරෝනා හෝ වෙනත් රෝග වලින් සුව වූ විගස රාජකාරි වල නිරත නොවන්න. කාලයත් සමග යලිත් ඔබගේ ප්‍රතිශක්තිකරණය අයුධ වලින් බල සම්පන්න වනු ඇත.

02. කොරෝනා වෛරසයේ පැතිරීමේ වේගය

ප්‍රධාන වශයෙන් මෙහි වර්ග දෙකක තිබේ එනම්  Fast Spread (වේගවත් පැතිරීම) & Slow Spread (සෙමින් පැතිරීම) ලෙස හදුන්වා දිය හැකිය. මේක සදහා වර්තමානයට අනුව (2020.03.22 උදැසන 9.50ට අනුව) උදාහරණ දෙකක් මම ලබා දෙන්නෙමි.


Fast Spread - Italy
Slow Spread - Sri Lanka

Fast Spread Italy - අපි හැමෝම දන්නා පරිදි ඉතාලියේ තමන්ගේ සෞඛ්‍ය පහසුකම් අභිබවා යමින් රෝගීන් හදුනා ගනිමින් සිටි. ඉතින් ඉතාලියට ඉතා අපහසු  තත්වයක සිටි. මන්දයත් ඔවුන්ගේ වෛද්‍යවරු, යන්ත්‍රසුත්‍ර වැනි දෑ වල ප්‍රමාණය, ප්‍රමාණවත් නොමැති නිසා. රෝගය වර්ධනය වන වේගය පාලනය කරගත නොහැකි මට්ටමක ඉතාලියට මුහුණ පෑමට සිදුවී ඇත. එම නිසා අනිවාර්යෙන්ම වෙනත් රටවලින් හෝ අවශ්‍ය සම්පත් හා වෛද්‍යවරුන් ලබාගැනීමට කටයුතු කරන්නේ නම් යහපතකි. 

නමුත් ඇයි මේ තරම් වේගයෙන් ඉතාලියේ මෙම වෛරසය පැතිරිගියේ  

Statista.com වාර්තාවට අනුව ඉතාලියේ බොහොමයක් මරණ වාර්තා වෙලා තියෙන්නේ වයස අවුරුදු 51 ඉහල වැඩිහිටියන්ගේ. කාලයටත් සමග අපේ ප්‍රතිශක්තිකරණය දුර්වල වෙනවා කියන්න හොද සාදකයක්. 
එමෙන්ම ඔවුන්ගේ තිබු නොසලිකිත්කමත් හේතුවක් වෙනවා. 

Slow Spread Sri Lanka - වර්තමානය වන විට ලංකාවේ පවතින ඇදිරිනීතිය වැනි මිනිස්සුන්ව එක්රැස් වීමේ වලක්වන්න පුළුවන් නීති නිසාත්, රජය ගත් තීරණ වල වැඩි ප්‍රමාණයක් ධනාත්මක වීම නිසාත්, ඕනෑම දෙකදී අපිට ඉන්න "ලොව හොදම මානුෂිය හමුදාව" හිමි රට වීමත්, දක්ෂ වෛද්‍යවරු හා අනෙක් සේවකයන් සිටින නිසාත්, පොලිසිය ඇතුළු අනෙකුත් නිලධාරින් නිසාත් අපේ රටේ් මේ තත්වය තවමත් පාලනය කරගැනීමේ හැකියාව පවතී. එමෙන්ම පහත සදහන් කාරණයක් ගැනත් දැනගන්න.

i. සොබාදහම් අම්මා තවම ඉන්නේ අපිත් එක්ක (හිරු රශ්මිය නිසා වෛරසය නොමිලේම විනාස කිරීමේ හැකියාව)
ii. පෙර සුදානම  අවශ්‍ය කරන වෛද්‍ය ගොඩනැගිලි හමුදාව එකතුව ක්ෂණිකව නිර්මාණය කරමින් පැවතීම.
iii.  ධනපතියන් ඔවුන්ගේ හොටෙල්, මුදල් හා වෙනත් ගොඩ නැගිලි නිරෝධනය කටයුතු සදහා ලබා දීම. 
iv. ප්‍රතිෂක්තියෙන් ඉහල ජනතාවක් සිටීම.

03. ලංකාවේ අපි දැන් මොනවද කරන්න ඕනේ ? 

ප්‍රධාන වශයෙන් කරන්න ඕන කරන දේවල් දෙකයි තියෙන්නේ. ඒ දෙක හරිම සරලයි. උපරිම සති දෙකක් කරලා දුන්නොත්, කොරෝනට අපේ රටෙන් හොද පාඩමක් උගන්වන්න පුළුවන්. 

01. තමන් අසාදනය වීම වග බලා ගැනීම
02. අනෙක් අයව අසාදනය නොකිරීම. 
                                                         
හරිම සරල කාරණයක් මේක. තමන් අසාදනය නොවී ඉන්නත් අසාදනය නොකරන්නත් මොනවද අපි කරන්න ඕන දේවල්. මෙන්න පහතින්.

i. සබත් ගා අත් සේදීම ( පැයකට හෝ දෙකකට වරක්)
ii. කැස්ස ඇති අයෙක් නම් අත යටට සිටින සේ ආවරණය කිරීම.
iii. නාසය, මුඛය, හා අනෙක් අයව ඇල්ලීමෙන් වැලකි සිටීම
iv. තමන්ගේ රෙදි හොදින් අව්වේ වෙලා ගැනීම
v. උණුවතුර පානය කිරීම හා පෝෂදායි ආහාර තුන්වේලටම ලබාගැනීම.
vi. පිරිසිදුකම පළමුව සේ කටයුතු කිරීම.
vii. කට්ටිය එකතුවෙන අවස්තා අවමය කිරීම හෝ අනිවාර්යෙන්ම නවතා දැමීම. 
viii. රජයේ වෛද්‍ය නිලධාරින් ලබා දෙන උපදෙස් ගැන මනා අවදානයකින් කටයුතු කිරීම හා පිළිපැදීම. 
ix. මානසික ශක්තිමත්ව සිටීම හා තමන්ගේ නිවෙස් වල සිටීම.
x. කිසියම් හෝ කොරෝනා වෛරසයට අදාල රෝග ලක්ෂණ පෙන්නම් කරන්නේ නම් ඒ පිළිබද කටයුතු කිරීම (තමන් විසින් හදාගත් ලෙඩක් නොවන බැවින් ලජ්ජා නොවී අදාල නිලදාරීන් හට ඒ ගැන කියන්න බය නොවීම)

(ඔබේ අදහසුත් එකතු කරන්න. අපිට මේ වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ගැන )


අනිවාර්යෙන්ම ඔබ විසින් වෛද්‍ය නිලධාරින් හට, ආරක්ෂක අංශය හට හා අත්‍යවශ්‍ය සේවා සපයන අයට ඔබෙගේ සහයෝගය 100% ලබා දීමට කටයුතු කරන්න.

පහත සදහන් වීඩියෝ එකත් බලන්න. බොහෝ කරනු එක අනුසාරයෙන් හා අනතර්ජාලයෙන් ලබාගත් එවයි.


ලෝකෙටම බැරි ගොඩක් අභියෝග ජය ගත් අපේ ජාතියට කොරෝනා කියන්නෙත් අපිට දිනන පුළුවන් අභියෝගයක්. හැමෝම එකතු වෙලා කොරෝනා වෛරසය විනාස කරන්න කටයුතු කරමු.  

ඔබ හැමෝටම නිදුක් නිරෝගී, සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කරන්න ලැබේවා..



ජේසු පිහිටයි...!! බුදු සරණයි...!! දෙවි පිහිටයි...!!


ස්තුතිය විශේෂ සහයක් දුන් T ට 

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.