Ads Top


ආයුබෝවන් යාලුවනේ.. ඔන්න අද මම ලියන්න අවේ මම මිට බොහෝ කාලයකට ලියු ලිපියක් සම්බන්ධ දෙයක් ගැනයි. 



හරියටම අවුරුද්ද එක්ක කිවොත් 2017 ජුලි 19 වන ලියු ලිපි දෙකක් නිසා මගේ හිත් ඇදබද තිබු සුන්දර පරිසර වටපිටාවක් සැබෑ අත්දැකීමක් කරගත්ත ගමනක් ගැනයි මේ. 

පසු ගිය ලිපි බලන්න

ගමන අරඹන විදිහ ඒ සුන්දර පරිසර වටපිටාව ගැන ඔබට දැනගන්න උවමනා නම් ඉහත සදහන් ලිපි අනිවාර්යෙන්ම කියවන්න. ශ්‍රී ලංකාව කියන්නේ සුන්දරත්වය සමග මනස්කාන්ත දසුන්මවන රටක් බව අපි හැමෝම දන්නවා. 







මිනිසකුගේ සිතුවිල්ලකට අනුව නිකන්ම තිබු ජලාශයක් අද දෙස් විදෙස් සංචරකයිනේගේ නෙත පිනවන තැනක් බවට පරිවර්තනය වී  අද රටට අදායම් ලබන තැනක් මෙන්ද, වර්තමාන මිනිස් කාර්යබහුල තාවයෙන් මිනිසුන්ව කිසියම් හෝ කාලයකට නිදහස් කර සතුට සැනසීම උපද්දවිය හැකි තැනක් බවට සෙම්බුවත්ත නම් වූ ජලාශය සමග ඇති පරිසරය සමත්කමක් දක්වා ඇත. 

රැඩ්ලි දිස්සගේ මහත්මා ගැන සදහන් කරනවා නම් මිට වසර 3කට පෙර මුහුණු පොතෙන්(Facebook) මුණගැසුණු සොදුරු මිනිසකි, විනොදකාමියකි, දැනුම සොයන්නකි, රට අවශ්‍ය නියම කළමනාකරණ සේවකයකි. ඔහුගේ මුණ ගැසීමද අද මේ ගමනේදී මට විශේස අවස්ථාවක් බවට පත් වී තිබුණි. ඔහු සතුව ඇති පෞරාණික දෑ ගැන මනා අවබෝදයක් අපට දෙමින්, ජිවිතයේ පලවෙනි වරට ග්‍රැමෆෝන් සංගීතයක් සියසින් දැක සවන්දීමේ අවස්ථාවද ඔහු අපට ලබා දුනි. 




සංවර්ධනය වෙමින් පවතින පාරක් සමග අපගේ ගමන ආරම්භ කෙරුණි. සුපුරුදු පරිදි කදු පල්ලම්, තේ වතු යායවල් මැදින් ගමන් අපට මේ මනස්කාන්ත දර්ශනය සහිත භූමියට ලගා වීමට හැකි විය. දේශීය සංචාරකයින් හට රුපියල්  200 ක ටිකක් පතක් මිලදී ගෙන ඇරඹු අපේ ගමන කන්දක් මුදුනේ ඇති තැන්නක් වැනි තැනක මෙහි නිර්මාණය වී තිබුණි. 











පහතින් ඇති රූපරාමු අනුව ඔබට මෙහි සුන්දරත්වය මානව නිරුපනය වේ. චායාරුප ශිල්පීන්ට නම් මෙය කදිම තෝතැන්නකි. Wedding Pre-shoot කරන අයටද මෙය අගනා ස්ථානයකි. 





 

 

ඉතින් මේ මව්බිමේ නිර්මාණය කරපු සුන්දර අපේ සෙම්බුවත්තේ වටිනාකම බොහෝය. රැකගැනීම රජය,බලධාරීන්, අපගේද සතු යුතුකමකි. විදේශ විනිමය උපදන ස්ථානයකි. මව්බිමේ ජාතික වස්තුවකි. මෙය නිර්මාණය කරපු රැඩ්ලි දිස්සගේ මහත්මාට අපගේ හදපිරි උත්තමාචරය පුද කරමි. ඔබගේ සංකල්පය අද ජාතික වස්තුවක් බවට නිර්මාණය වී ඇත. 






නැවතත් අලුත් ලිපියකින් මුණ ගැසෙන්න බලාපොරොත්තුවෙන් සමු ගනිමි. 

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.