Ads Top




ආයුබෝවන් යාලුවනේ. එහෙනම් අද අපි දැනගනිමු SD Card එකක් මිලදී ගැනීමට පෙර දැනගෙන සිටින්න ඕන දේවල් ගැන 




ඔන්න එහෙනම් දැන් කතා කරමු Memory Card හෙවත් SD Card අපි මිලදී ගන්න යනවා නම් අපි විසින් දැනගන්න ඕන, අපිට තියෙන උවමනාව සපුරගන්න දැනගෙන ඉන්න දේවල් ගැන

කලින් ලිපිත් කියවලා එන්න. 

මොකක්ද මේ Memory Card හෙවත් SD Card කියන්නේ ?
SD Card එකේ Size එක අනුව හා එහි ඇති විස්තර හදුනා ගනිමු
SD Card වල Capacity Standard හදුනා ගනිමු
SD Card වල Speed Class ගැන හරියටම දැනගනිමු.



01. Capacity හෙවත් ධාරිතාවය
                                           අදාල උපකරණය Support කරන උපරිම Capacity එක හා අපට මිලදී ගැනීමේ හැකියාව මත ඔබට තීරණය කල හැකි හොදම Card එක මිලදී ගැනීම.

02. SD Card Brand
                           වෙළෙද පොලේ විවිධාකාර වූ SD Card වර්ග තියෙනවා. ඒ අතරිනුත් අපි කලින් ලිපි වල සදහන් කරපු වර්ග සැමවිටම ඉහල ප්‍රමිතියක් තියෙන Memory Card මිලදී ගැනීමට වග බලාගන්න. වෙළෙදපොලේ Fake Card තිබෙන්නට පුළුවන්.'

03. Card එකේ Size එක අනුව
                                        ඔබගේ උපකරණයට අදාලව වූ ප්‍රමාණයේ Memory Card එකක් මිලදී ගැනීමට කැට යුතු කරන්න. උදාහරණ විදිහට ඔබගේ ෆෝන් එකකට නම් MicroSD Card ද, DSLR Camera වට නම් Standard SD Card ලෙස උදාහරණ දෙනන් පුළුවන් 


04. Speed Class එක
                          පසුගිය ලිපි වලින් මං ඒ ගැන වැඩි විස්තර කියල තියෙනවා. ඔබගේ දුරකතනයට නම් අවම වශයෙන් Class 10 ගනයේ Memory Card එකක් වශයෙන්ද, Video Camera එකට අවමය V30 ගනයේ Card එකක්ද මිලදී ගැනීමට කටයුතු කරන්න.

05. අදාල උපකරණය හා ගොඩක්ම සහයෝගිතාවය දක්වන Capacity Standard එක
              වර්තමානයේ බොහොමයක් භාවිතා වන්නේ SDHC හා SDXC යන Capacity Standard දෙකයි. ඒ දෙකෙනුත් වැඩිම වේගයක් සහිත Speed Class එක ඉහල Memory Card එකක් මිලදී ගැනීමට කටයුතු කරන්න. 

විස්තර ලබාගත්තේ - අන්තර්ජාලයෙනි 

එහෙනම් memory Card සම්බන්ධව ලියවුන ලිපි අදින් අවසන් වෙනවා. අයෙමත් මෙවැනි වැදගත් ලිපි මාලාවකින් මුණ ගැසෙමු.


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.